Local

තරුණ ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න ජාතික ප්‍රතිපත්තියක් ගෙන එනවා.. නාමල් රාජපක්ෂ බියගමදී කියයි

Monday, 02 September 2024 - 9:05 am

අපි ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛතාව දෙන්නේ රටේ නිෂ්පාදන ආර්ථික ප්‍රතිපත්තිය තුළ කටයුතු කරන ව්‍යවසායකයාට බවත්, විදේශ ආයෝජකයාට දෙන සහනම දේශීය ආයෝජකයාටත් ලබා දෙන්නේ යැයිද, තරුණ ව්‍යවසායකයා හා රටේ ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා යැයිද ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා බියගම මාකොළදී පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසුවේ ඉකුත් 30 දා සවස බියගම මාකොළ නගරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවේදීය.

පොදුජන පෙරමුණේ බියගම ප්‍රධාන සංවිධායක බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කළේය.

එහිදී නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

“එන්න එන්නම රටේ විරැකියාව වැඩිවෙනවා. තරුණ පරම්පරාවට රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය යුතුයි. සමහරු ආර්ථිකය බේරගත්තා කිව්වට ආර්ථික ප්‍රතිලාභ ගමට ගිහින් නැහැ. ආර්ථිකයේ ප්‍රගතියක් තියනවා නම් රැකියා උත්පාදනය විය යුතුයි. රැකියා උත්පාදනයක් නැහැ කියන්නේ ඉහළ මට්ටමේ ආර්ථික ප්‍රතිලාභ ගමට ගිහින් නැහැ.

ඒ නිසා අපි පැහැදිලිවම ඊළඟ වසර පහ තුළ රැකියා ලක්ෂ 10කුත් ඊළඟ වසර 10ට රැකියා ලක්ෂ 20කුත් නිර්මාණය කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා යැයි පැවසීය.

අලුත් පරම්පරාව උතුරේද දකුණේද කියලා නෙමෙයි දකුණේ තරුණයාට තියන විරැකියා ප්‍රශ්නයම තමා උතුරේ තරුණයාටත් තියෙන්නේ. අධ්‍යාපන ආර්ථික ගැටලුත් එසේමයි.

රටක් ගැන හිතලා හරි දේශපාලන තීන්දු ගත්තනම් උතුරේත් දකුණේත් තරුණයාගේ ප්‍රශ්නය විසඳෙනවා. සමහරවිට ඒ තීන්දුව ගත්තම දේශපාලකයාගේ ප්‍රශ්නය විසඳෙන්නේ නැතිව ඇති.

පැහැදිලිවම අපි හදන ප්‍රතිපත්ති තුළ දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව නියෝජනය කරන මේ මහ පොළොවේ පය ගහලා ඉන්න තරුණයන්ගේ විරැකියාවේ ප්‍රශ්නයට විසඳුම් ගෙන එනවා.

පොදුජන පෙරමුණේ බියගම ප්‍රධාන සංවිධායක බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල, රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ, හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන, බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, වෘත්තීය සමිති නායක බන්දුල සමන් යන මහත්වරුද මෙහිදී සභාව ඇමතූහ.

වටිනාපහ සෝමානන්ද, ඉත්තෑකන්දේ සද්ධානන්ද යන හිමිවරුද, රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, පොදු ජන පෙරමුණේ දොම්පේ ප්‍රධාන සංවිධායක වර්නන් ගුණරත්න, බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ශාස්ත්‍රවේදී අජිත් කුමාර, බියගම කැලණිය පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු පාක්ෂිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
බියගම – සුදත් පුබුදු කීර්ති සහ දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. එම්. විතාන


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT