Business

ලංකා වාණිජ මණ්ඩලය ‘Vision 2030’ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි

Wednesday, 07 August 2024 - 10:11 am

තිරසාර සහ ඒකාබද්ධ ආර්ථික සංවර්ධනය උදෙසා ද්විපාර්ශ්වික ප්‍රවේශය දිරිමත් කිරීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය 'Vision 2030' ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි

2030 වන විට ශ්‍රී ලංකාව තිරසාර සහ ඒකාබද්ධ සංවර්ධනයක් කරා මෙහෙයවීමේ අරමුණින් සම්පාදනය කරන ලද 'Vision 2030' ප්‍රතිපත්ති ප්‍රකාශනය ලංකා වාණිජ මණ්ඩලය විසින් එළිදක්වන ලදී. මෙම පුළුල් ආර්ථික සැලැස්මෙහි පළමු පිටපත  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පිළිගන්වන ලද අතර මෙම ප්‍රකාශනය දේශපාලන පක්ෂ නායකයින්ට, මහ බැංකු අධිපතිතුමාට සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාට ද ලබා දීමට නියමිතයි.  ආර්ථිකයට සහ මහජන සුබසාධනයට ප්‍රමුඛත්වය දෙමින්, තිරසාර සහ ඒකාබද්ධ සංවර්ධනයක් උදෙසා ද්විපාර්ශවිය ප්‍රවේශය දිරිමත් කිරීම මෙම ප්‍රකාශනයෙහි අරමුණයි.

'Vision 2030' පස් අවුරුදු ආර්ථික සැලැස්ම තුලින්, ආර්ථිකයේ විවිධ අංශ වෙත අවධානය යොමුකරන අතර, එම අංශ සදහා පැහැදිලි ඉලක්කයන් සහ එම ඉලක්කයන්ට ළගා වීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන් පෙළගස්වා ඇත. මෙම ප්‍රකාශනය තුලින් අවධානය යොමුකරන තීරණාත්මක අංශ වලින් කිහිපයක් වන්නේ සෞඛ්‍ය සේවා, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, වරාය, නැව්ගතකිරීම් සහ සැපයුම්, බදු ප්‍රතිසංස්කරණ, වෙළඳ ප්‍රතිසංස්කරණ, ඩිජිටල්කරණය සහ බලශක්තිය ආදියයි.

ඩිජිටල් අංශය විසින් දල දේශීය නිෂ්පාදිතයට කරන දායකත්වය 2023 වාර්තා කල 5% ක මට්ටමේ සිට 2030 වසර වන විට 10% දක්වා ඉහල නැංවීම, සාර්ථක ඩිජිටල් හැඳුනුම්පතක් ක්‍රියාත්මක කිරීම, භෞතික මුදල් භාවිතයෙන් සිදුකරනු ලබන ගනුදෙනු 30% කින් අඩු කිරීම සහ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ හවුල්කාරිත්වය තුළින් ගෝලීය වශයෙන් පිළිගත් ව්‍යාපාර දහයක් ආරම්භ කිරීම, වශයෙන් ඉලක්කයන් හදුනාගෙන ඇති අතර, එම ඉලක්කයන් වෙත  ළගාවීම සඳහා ක්‍රියාත්මක කලයුතු ප්‍රධාන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන් ලෙස ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් පිහිටුවීම, ඒකාබද්ධ ඩිජිටල් යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීම, ග්‍රාමීය බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයන් පුළුල් කිරීම සහ ජාතික දත්ත ආරක්ෂණ සහ සයිබර් ආරක්ෂණ පියවරයන් ස්ථාපිත කිරීම හදුනා ගෙන ඇත.

ආයෝජන ප්‍රවර්ධනය සහ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මුලික ඉලක්ක වශයෙන් හදුනා ගෙන ඇත්තේ, 2023 වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 774.8ක් වශයෙන් වාර්තාකළ ඍජු විදේශ ආයෝජන, 2030 වසර වනවිට ඇමරිකානු ඩොලර් බිලියන  5 දක්වා ඉහල නැංවීම, නව රැකියා 100,000ක් නිර්මාණය කිරීම, ආයෝජන අනුමත කිරීම් විධිමත් කිරීම, විදේශ ආයෝජන නීති ලිහිල් කිරීම සහ කොළඹ වරාය නගරය මුල්‍ය, වෙළෙදාම් සහ විනෝදාස්වාදය සදහා කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්ථාපිත කිරීම ආදිය යි.

සමෘද්ධිමත්, ව්‍යවසායකත්ව සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන අංශයක් සාක්ෂාත් කර ගැනීම උදෙසා, 'Vision 2030' හි ඉලක්කයන් වන්නේ  දල දේශීය නිෂ්පාදිතය සදහා මෙම අංශයේ දායකත්වය 2013 වසරේ වාර්තා කල 52% ක මට්ටමේ සිට 2030 වසර වනවිට 60% ක් දක්වා ඉහල නැංවීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ රැකියා අවස්ථා 2013 වසරේ වාර්තා කල 45% සිට 2030 වන විට 55% දක්වා ඉහළ නැංවීම, කොළඹ කොටස් වෙළෙඳපොළෙ හි දිරිසවී පුවරුවෙහි, ආයතන 30ක් ලේඛනගත කිරීම  ආදිය යි. අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ, ව්‍යාපාරික සේවා විධිමත්කරණය, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වැඩි දියුණු කිරීම, සරල කරන ලද රෙගුලාසි, සහ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා වැඩිදියුණු කළ මුල්‍යාධාර ක්‍රම  දීම ආදී ක්‍රියාමාර්ග තුලින් උක්ත  ඉලක්කයන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

වරාය, නැව්ගත කිරීම් සහ සැපයුම් අංශය,  ගෝලීය ලොජිස්ටික් කාර්ය සාධන දර්ශකයේ (Global Logistics Performance Index) ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව ඉහළම රටවල් පනහ අතරට ගෙන ඒම, දේශසීමා පිවිසුම් ආයතන (Border agencies) 100% ජාතික තනිදොර වෙළෙඳ කවුළුවට (National Single Window) ඒකාබද්ධ කිරීම සහ වරාය මෙහෙයුම් පූර්ණ ඩිජිටල්කරණය කිරීම මුලික ඉලක්කයන් වශයෙන් හදුනා ගෙන ඇති අතර, ප්‍රධාන ප්‍රතිපත්තිමය මැදිහත්වීම් වශයෙන් වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය, යටිතල පහසුකම් නවීකරණය උදෙසා රාජ්‍ය- පෞද්ගලික හවුල්කාරිත්වය ක්‍රියාත්මක කිරීම සහ කොළඹ ගුවන්තොටුපළ, කලාපිය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම ඇතුලත් වේ.

පොදු ප්‍රවාහන අංශයේ, 2017 වසරේදී 39% ක් ලෙස වාර්තා වූ ප්‍රවාහන මාධ්‍ය කොටස (modal share), 2030 වසර වනවිට 60% දක්වා වැඩි කිරීම,  සමස්ථ බස් රථවලින් 30% ක් විදුලිබලයෙන් ක්‍රියාත්මක තත්වයට පත්කිරීම, සහ 90%ක් අප්‍රමාදී මෙන්ම විශ්වාසනීය සේවයක් සාක්ෂාත් කිරීම ඉලක්කගත කරගෙන, බස් මාර්ග වල බලය පැවරීමේ ආකෘතියක් (franchise model) හදුන්වා දීම, බස් රථ සඳහා ඩිජිටල් හදුනාගැනීමේ ක්‍රමයක් (digital tracking system) ස්ථාපිත කිරීම,  ඒකාබද්ධ සැහැල්ලු දුම්රිය ගමනාගමන පද්ධතියක් හදුන්වා දීම, ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයන් වශයෙන් පෙළගස්වා ඇත.

සමාජ ආරක්ෂණ අංශය මගින්, දරිද්‍රතා අනුපාතය 10% ට වඩා අඩු කිරීම, ජනගහනයෙන් 90% ක් සඳහා සෞඛ්‍යාවරණ සැපයීම සහ ඉලක්කගත ප්‍රතිලාභීන් සඳහා 100% සමාජ ආරක්ෂණය සහතික කිරීම අරමුණු කරගෙන ඇති අතර,  ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අතරට 'අස්වැසුම' දත්ත සමුදාය ඩිජිටල්කරණය කිරීම, රජයේ තීරණාත්මක තනතුරු සඳහා ප්‍රමාණවත් වැටුප් තලයන් සහතික කිරීම, උසස් අධ්‍යාපනය සඳහා පෙළගැස්වූ පන්ති ගාස්තු ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීම සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ඉලක්කගත දීමනා සහ සහාය ලබා දීම ඇතුළත් වේ.

මීට අමතරව, අපනයන ප්‍රවර්ධනය සහ පහසුකම් සැපයීම මගින්, භාණ්ඩ හා සේවා අපනයන දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% දක්වා වැඩි කිරීම (2023 දී වාර්තා කළ 14% සිට), අපනයන අරමුණු කරගත් නව අංශ දෙකක් හෝ තුනක් සංවර්ධනය කිරීම සහ ඒ එක් අංශයකින් ලැබෙන අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයක්  දක්වා ඉහල නැංවීම, එමෙන්ම සාම්ප්‍රදායික නොවන වෙළෙඳපොළ වෙත අපනයනය 25% කින් වැඩි කිරීම ඉලක්ක වශයෙන් දක්වා ඇත. අපනයන අරමුණු කරගත් ව්‍යාපාරවල ආයෝජකයන්ට ආයෝජන පහසුකම් සැලසීම සදහා කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීම, ලෝක වෙළෙඳ සංවිධානයේ වෙළෙඳ පහසුකම් සැපයීමේ ගිවිසුම (WTO TFA) රටට හිතකර පරිදි එහි අඩංගු කරුණු ඉක්මවා යමින් වෙළෙඳ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, නිෂ්පාදන සහතික කිරීම සඳහා ප්‍රතීතන රසායනාගාර පිහිටුවීම, නිදහස් වෙළෙද ගිවිසුම් මගින් වෙළඳපල ප්‍රවේශය වැඩි කිරීම, අපනයන කලාප  පිහිටුවීම සහ නිශ්චිත අපනයන වර්ධන ඉලක්ක සහිතව වාණිජ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ශ්‍රී ලංකා දූත මණ්ඩල යොමු කිරීම යන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මේ සදහා සහය වනු ඇත.

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා මෙම ප්‍රකාශනයෙහි වැදගත්කම පිලිබඳ අවධාරණය කරමින් කියා සිටියේ, 'Vision 2030 හුදෙක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පමණක් නොවන අතර එය සමෘද්ධිමත් සහ තිරසාර ශ්‍රී ලංකාවක් සඳහා වූ සැලැස්මක් බවත්, සෞඛ්‍ය සේවා, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සැපයුම් සහ ඩිජිටල් ආර්ථිකය වැනි තීරණාත්මක අංශ සංවර්ධනය කිරීමෙන් සහ ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්ති, බදු ප්‍රතිසංස්කරණ, වෙළඳ ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් ප්‍රගතියන්හි වැදගත්කම ඉස්මතු කිරීම තුලින් ආර්ථික වර්ධනය, සමාජ යහපැවැත්ම සහ පාරිසරික තිරසාරත්වය අත්වැල් බැඳගත් අනාගතයක් මේ තුලින් නිර්මාණය වන බවයි.

පැහැදිලි ඉලක්ක සහ ක්‍රියාකාරී ප්‍රතිපත්ති පෙළගැස්වීම තුලින්, ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය, සමාජ යහපැවැත්ම සහ පාරිසරික තිරසාරත්වය පෝෂණය කිරීම අරමුණු කරයි. ව්‍යාපාරික ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම සහ රට සමෘද්ධිමත් සහ සාධාරණ අනාගතයක් කරා ගමන් කිරීම සහතික කරමින් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රජයට සහයෝගය දැක්වීමට ද වාණිජ මණ්ඩලය සූදානමින් සිටියි.

සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙත පිවිසීමට පහත සබැඳිය භාවිතා කරන්න.
https://www.chamber.lk/wpcontent/uploads/2024/08/Vision_2030_Five_year_Economic_Plan_by_CCC_v1.pdf


Top Stories
wedivistara

ආණ්ඩුකාරවරුන්ට ජනපති දුන් උපදෙස

wedivistara

කොළඹ වරායේ බදු සහන හිමිවන අලුත්ම පිරිස

wedivistara

ශ්‍රී ලංකාවට චීනයෙන් රුපියල් කෝටි තුනක පරිත්‍යාග..

wedivistara

රනිල් හිටියා නම් IMF සිවු වැනි වාරිකයත් ගන්නවා..

wedivistara

ජනාධිපති අවබෝධයෙන් බොරු කියලා තියෙනවා.. ඒවායින් අපට හානි වුනා..

wedivistara

සහල් මිල ඉහල යාම කෘතිමයි.. මිල පාලනය ඉවත් කරන්නෑ..- ඩඩ්ලි, නිපුන හමුවී ජනපති කියයි..

Trending
wedivistara

අනුරට තනිවම රට හදන්න බෑ..- අගමැතිනි

wedivistara

පඩිය ලක්‍ෂයට වැඩි නම් බදු වාර්තා එවන්න.. අවසන් දිනය නොවැම්බර් 30…

wedivistara

ප‍්‍රදේශ රැසක ඌරන් මිය යයි.. ඌරුමස් කෑම අවදානම්..

wedivistara

අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියයි..- ආණ්ඩුකාර

wedivistara

මා ජනාධිපති වී ආර්ථිකය ස්ථාවර කලා..- ජනපති

wedivistara

අඩු කරපු විදුලි බිලට මොකද වුණේ ?


NEWS ALERT