Local

පෘතුගාලයේ ශ්‍රී ලංකා තානාපතිනි මනීෂා අක්තපත්‍ර පිළිගන්වයි

Saturday, 27 January 2024 - 3:04 pm

පෘතුගාලයේ ශ්‍රී ලංකා තානාපතිනි මනීෂා ගුණසේකර මහත්මිය එරට ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සෝසා මහතා වෙත අක්තපත්‍ර පිළිගන්වා තිබේ. එරට ලිස්බන් නගරයේ පිහිටි ඵෙතිහාසික බෙලෙම් මන්දිරයේ දී ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගන්වා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා තානාපතිනිය සහ පෘතුගාල ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උණුසුම් සුබපැතුම් පිළිගන්වා තිබේ.

අක්තපත්‍ර ප්‍රදානෝත්සවයෙන් අනතුරුව, අජුඩා ජාතික මාලිගයේ දී පවත්වා තිබෙන සාම්ප්‍රදායික අලුත් අවුරුදු සුබපැතුම් රාත්‍රි භෝජන සංග්‍රහය සඳහා පෘතුගාලයට ප්‍රතීතනය කරන ලද නේවාසික සහ අනේවාසික තානාපතිවරුන් වෙත ආරාධනා කර තිබෙන අතර ඒ සඳහා එරට ජනාධිපතිවරයා සත්කාරකත්වය දී ඇත.

ඊට අමතරව පෘතුගාල විදේශ ඇමැතිවරයා විසින් පිරිනැමූ දිවා භෝජන සංග්‍රහයකට ද ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහභාගි වී තිබෙන අතර පෘතුගාලයට පැමිණි පසු, ඒ මහත්මිය, ඇයගේ අක්තපත්‍ර ලිපිවල විවෘත පිටපත පෘතුගාල විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය මහලේකම් ෆර්නැන්ඩා කොයිලෝ වෙත පිරිනමා තිබේ.

මේ අතර තානාපතිනි මනීෂා ගුණසේකර මහත්මිය පෘතුගාලයේ විදේශ කටයුතු හා සහයෝගීතාව පිළිබඳ රාජ්‍ය ලේකම් ෆ්‍රැන්සිස්කෝ ඇන්ඩ්‍රෙ, විදේශ ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් රුයි වින්හාස්, ආසියා සහ ඕෂනියා අධ්‍යක්ෂ විටර් මර්සෙලින් යන මහත්ම මහත්මීන් හමුවී තිබෙන අතර ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම ඇතුළු වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කර ඇත.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT