Local

තේ දළු මිල පහලට.. වගාකරුවන් අමාරුවේ..

Friday, 15 November 2024 - 4:08 pm

අමු තේ දලු වලට ලැබෙන මිල අඩු වීමෙන් කුඩා සහ මධ්‍ය පර්මා තේ වතු හිමියන් ගැටලු වලට ලක්ව ඇතැයි රත්නපුර දිස්ත්‍රික් කුඩා තේ වතු හිමියන් සුරැකීමේ සංවිධානය පවසයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ අමු තේ දලු කිලෝවක මිල රුපියල් 190ක්, 200ක් වූ අතර, එය මෙම මස මාසයේදී රුපියල් 170ක්, 175ක් දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ පහළ වැටී ඇතැයි ද කුඩා තේ වතු හිමියෝ පවසති.

ඩොලරයේ අගය ඉහළ ගොස් තිබූ කාලයේ දී රුපියල් 300 සහ 360 දක්වා මිලක් හොඳ අමු තේ දලු කිලෝවකට ලැබුණ ද, ඩොලරයේ අගය පහත වැටීම සමග අමු තේ දලු කිලෝවකට ලැබෙන මිල රුපියල් 170 තෙක් අඩු වී ඇතැයි ද රත්නපුර දිස්ත්‍රික්කයේ තේ වතු හිමියෝ කියති.

සේවක වැටුප් සහ නවත්තු වියදම් මෙතෙක් අඩු වී නැති අතර, සේවකයින්ට ලබා දෙන වැටුප් අඩු කිරීමට හැකියාවක් නොමැති බව ද රත්නපුර දිස්ත්‍රික් කුඩා තේ වතු හිමියන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු එල්. කැමිලස් මහතා සඳහන් කරයි.

තේ පොහොර මිටියක් රුපියල් දහසකින් අඩු වී ඇතත්, පවතින වාතාවරණය හමුවේ එම මිල අඩු වීම ප්‍රමාණවත් නැති බව ද කුඩා තේ වතු හිමියන්ගේ සංවිධාන පෙන්වා දෙති.

ඩොලරය අඩු වීමට සාපේක්ෂව එම පොහොර මිල ද කඩිනමින් අඩු කර තේ වතු හිමියන්ට සහන ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත්, පසුගිය වසර තුනක කාලයේ දී තේ කර්මාන්තය 2රපතළ කඩාවැටීමකට ලක්ව තේ නිෂ්පාදනය පසුබෑමකට පත්වූයේ කාබනික පොහොර තහනම් කිරේමට ගත් තීරණයෙන් පසුව බවත්, ඉන්පසු තේ පොහොර මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය නිසා නිසි පරිදි තේ පොහොර යෙදීමට කුඩා තේ වතු හිමියන් අපොහොසත් වීමෙන් තේ දලු අස්වැන්න අඩු වූ බවත් රත්න- පුර දිස්ත්‍රික් කුඩා තේ වතු හිමියෝ පවසති.

මේ වන විට ඩොලරයේ පහත යෑම නිසා කුඩා තේ වතු හිමි යන්ට වාසිදායක තත්ත්වයක් ඇති වී නැති බව පවසන ඔවුහු, තේ කිලෝවකට ලැබෙන මිල අඩු වීම නිසා ඉක්මනින් තේ පොහොර සහ වල් නාශකවල මිල අඩුකර ගුණා – ත්මක පොහොර ලබා දෙන ලෙස ඉල්ලා සිටිති.

මෙම තේ වතු හිමියෝ පවසනුයේ අමු තේ දලු කිලෝවකට අවම වශයෙන් රුපියල් 200 ඉක්මවූ මිලක්වත් ලබා දීමට රජය මැදිහත් විය යුතු බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT