Local

ශ්‍රීලනිපය අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹෙයි

Wednesday, 04 September 2024 - 4:51 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිමල් සිරිපාල පාර්ශවයට සහ දයාසිරි ජයසේකර පාර්ශවයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹී තිබෙනවා.

ඒ අද (04) කොළඹ දිසා විනිසුරු ඉදිරියේ දී.

එහිදී ශ්‍රී.ල.නී.ප. ප්‍රචාරක ලේකම්,හබරාදුව ප්‍රධාන සංවිධායක තිසර ගුණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභිකයන් පැමිණිලිකරුවන් ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා, දුමින්ද දිසානායක මහතා, දයාසිරි ජයසේකර මහතා වග උත්තරකරුවන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු වාමාංශික මූලධර්ම උල්ලංඝනය කරමින්, දක්ෂිනාංශික දේශපාලන බලවේග දෙකක්වන එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් යන දේශපාලන බලවේග දෙක වෙතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූක්ෂම ලෙස කුමන්ත්‍රණකාරී ලෙස රැගෙන යාම වළක්වාලමින් අධිකරණ ක්‍රියාවලියකට යොමු වූ බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික ගතිගත්වයත්, සමාජවාදී මූලධර්මත් අනාගත පරපුරට ආරක්ෂා කර දෙමින්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හට තම පක්ෂය ආරක්ෂා කර දීම සඳහා මෙම අධිකරණ ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම සහ මූලධර්ම ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් ගන්නාවූ දේශපාලන ක්‍රියාමාර්ග වළක්වාලමින් පක්ෂයේ නිලතල දරන්නන් විසින් අගති සහගතව කටයුතු කිරීම නොකරන බව විත්තිකාර පාර්ශවයේ නීතිඥයන් විසින් අධිකරණය ඉදිරියේ පොරොන්දු වීම පැමිණිලිකාර පාර්ශ්වය අද දිනයේ සිදුකර ඇති බව සඳහන්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT