Local

ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයෙන් තරුණ පිරිසට වෘත්තීය ප්‍රතිලාභ රැසක් -අගමැතිගෙන් ජර්මනියට ප්‍රසාදය

Wednesday, 31 July 2024 - 7:18 am

ලංකා – ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ආරම්භ කිරීමෙන් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට වෘත්තීය පාඨමාලා තුළින් ප්‍රතිලාභ රැසක් දීම පිළිබඳව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජර්මනියට ස්තූතිය පළ කළේය.

අගමැති දිනේෂ් ගුණවර්ධන සහ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහත්වරුන් අතර හමුවක් කොළඹ, අගමැති කාර්යාලයේදී පෙරේදා (29) පැවැත්විණි. එහිදී අගමැතිවරයා එලෙස කියා සිටියේය.

වර්තමාන ගෝලීය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ආයතනය වැඩිදියුණු කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමේ අවශ්‍යතාව අගමැතිවරයා අවධාරණය කළ අතර, සහයෝගය සහ විශේෂඥ දැනුම දීම පිළිබඳව සලකා බලන ලෙස ජර්මනියෙන් ඉල්ලා සිටියේය.

ජර්මානු විශේෂඥ දැනුම සහ තාක්ෂණික දැනුම දීමේ හැකියාව ගවේෂණය කිරීමට තානාපතිවරයා එකඟතාව පළ කළේය.

සංචාරක, ගුවන් සේවා, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රවල ද්වි-පාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳ මේ සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

අගෝස්තු මස 03 වැනි දින අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත ‘Das Buddhistische Haus in Berlin’ (බර්ලින් බෞද්ධ මධ්‍යස්ථානය, ජර්මනිය) පිහිටුවීමේ 100 වැනි සංවත්සර උත්සවයට සහභාගි වන ලෙස අගමැතිවරයා විසින් කරන ලද ආරාධනය තානාපතිවරයා විසින් පිළිගනු ලැබීය.

එහිදී ‘Das Buddhistische Haus in Berlin – Frohnau, Germany, (1924-2024)’ යන මාතෘකාවෙන් යුත් පොතක් සහ 100 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ තැපැල් මුද්දරයක් එළිදැක්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක, ජර්මානු තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනී ක්‍රිස්ටිනා ෆොස්ටර් මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT