පාස්කු දින ප්රහාරය එල්ල කළ සැබෑ අපරාධකරුවන් කවුරුන්දැයි තමා දන්නා බව සඳහන් කරමින් කළ ප්රකාශය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (03) දෙවැනි දිනටත් හිටපු ජනපති මෛත්රීපාල සිරිසේනගෙන් ප්රකාශ සටහන් කරගෙන තිබේ. පැය දෙකක පමණ කාලයක් මෛත්රීපාල සිරිසේනගෙන් ප්රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.මෛත්රීපාල සිරිසේන විසින් කළ එම ප්රකාශය සම්බන්ධයෙන් මාර්තු 25 වැනිදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 5ක කාලයක් ප්රකාශ ලබාදුන්නේය. එහිදී ඔහු විසින් දුන් කටඋත්තරයේ සඳහන් කරන විමර්ශන පවත්වා වැඩිදුර ප්රකාශය මෙසේ ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.