Local

මාලනී ෆොන්සේකා නිළි රැජිණ දිවි සැරිය නිමා කරයි.

Saturday, 24 May 2025 - 6:55 am

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.

මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 78 වන වියේ පසු වුණා.

මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා 1947 අප්‍රියෙල් 30 කැළණිය දී උපන් සම්මානනීය ශ්‍රී ලංකා චිත්‍රපට නිලියකි, 'සිංහල සිනමාවේ නිලි රැජින' යන විරුදාවලියෙන් හඳුන්වන්නේද ඇයයි.
දශක කීපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි. ඇය දක්ෂ නිලියක ලෙස හඳුනා ගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලදී 'හොඳම නිලිය සම්මානය' ලබා ගැනීමෙන් අනතුරුවයි.
ඉන්පසු 1980 දී හිගන කොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යස ඉසුරු යන චිත්‍රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය සරසවිය හොඳම නිළිය සම්මානය කීප විටක් දිනා ගත්තාය.
2010 දී ඇය ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා ගෙන් අයෙක් බව ඇමරිකානු සීඑන්එන් රූපවාහිනිය විසින් නම් කරනු ලැබීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT