Local

මංගල ජන රැලි

Friday, 16 August 2024 - 7:07 am

– ජනපති හෙට අනුරපුරේ
– සජිත් අද කුරුණෑගල
– නාමල් 21දා අනුරපුරේ
– අනුර හෙට තංගල්ලේ

ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන මංගල ජන රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී හෙට (17) පස්වරු 2ට පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක් වූ කණ්ඩායම් ඇතුළු මෙවර ජනාධිපතිවරයාට සහයෝගය පළ කරන පක්ෂ සහ කණ්ඩායම්වල නියෝජිතවරුන් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

සමගි ජන සන්ධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැලිය කුරුණෑගල සත්‍යවාදී පිටියේදී අද (16) සවස 3ට පැවැත්වේ. මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන කණ්ඩායම් හා පක්ෂවල නියෝජිතවරුන් සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මංගල ජන රැලිය ලබන 21 වැනිදා අනුරාධපුරයේ කඩපනහ ප්‍රදේශයේදී පැවැත්වේ.

මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹමින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස භික්ෂූණ් වහන්සේලා තුන්සිය නමකගේ සහභාගිත්වයෙන් අද (16) පෙරවරුවේ ආගමික වතාවත් සිදු කිරීමට නියමිතය. අනුරාධපුරදී සිදු කෙරෙන ආගමික වතාවත්වලින් අනතුරුව මහනුවර දළදා වහන්සේ වැඳපුදා ගනිමින් ත්‍රෛනිකායික මහනාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට නියමිතය.

මිහින්තලය ජනතාව විසින් නාමල් රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සවයක් තිරප්පනේ නගරයේදී අද (16) පැවැත්වේ.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කෙරෙන මංගල ජන රැලිය තංගල්ල නගරයේදී හෙට (17) පස්වරු 2.30ට පැවැත්වේ. එමෙන්ම සවස 3.30ට හා 4.30ට මාතර සහ ගාල්ලේදී ද ජන රැලි පැවැත්වේ.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT