Local

උරුමය ඉඩම් ඔප්පු ජංගම වැඩසටහන - ප්‍රාදේශීය ලේකම්වරයාට බලපත්‍රය බාරදී සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලබාගැනීමට අයදුම් කරන්න - රජය

Thursday, 20 June 2024 - 5:52 pm

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.

ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරීන් ගම තුළට ගොස් ජනතාවගෙන් තොරතුරු ලබාගෙන කඩිනමින් සින්නක්කර ඔප්පු නිකුත් කිරීමට මෙමඟින් බලාපොරොත්තු වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම ඵලදායිතා සහ ඉඩම්) චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවාය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (20) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මෙසේද පැවසුවාය,

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට රට පුරා ඉඩම් ඔප්පු විශාල ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. මෙම වැඩසටහන සක්‍රීයව රට පුරා ක්‍රියාත්මක වන අතර එය තවත් වේගවත් කිරීම සඳහා ජංගම සේවාවක් ආරම්භ කිරීමටද කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව මේ මස 26 වනදා සිට 30 දක්වා දිනවල දීප ව්‍යාප්තව ජංගම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ ජංගම වැඩසටහන සඳහා ඉඩමක සින්නක්කර ඔප්පුව ලබාදීමට අදාළ සියලුම රාජ්‍ය නිලධාරීන් සහභාගි වීමට නියමිතයි. බලපත්‍ර ලාභියා කළ යුත්තේ ඔහු අත තිබෙන බලපත්‍රය හෝ දීමනා පත්‍රය ඉදිරිපත් කිරීම පමණයි.අනෙක් සියලුම මිනුම් කටයුතු, ලේඛන කටයුතු රාජ්‍ය නිලධාරීන් විසින් සකස් කර දෙනවා. මෙම වැඩසටහන සමඟ රෙජිස්ටර් දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ සඳහා ඉඩම් බලපත්‍ර ලාභියාගෙන් කිසිදු මුදලක් අය නොකරන බවද සඳහන් කළ යුතුයි.

වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් පාඩිකෝරාළ මහතා,

මහවැලි කලාප තුළ බලපත්‍රලාභීන් 280,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මහවැලි කලාප දහය තුළ දිස්ත්‍රික්ක පහළොවක ජීවත්වන බලපත්‍රලාභී සියලුම දෙනාට උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ වනවිට හැටදහසක පමණ පිරිසකට ඔප්පු ලබාදීම සඳහා සියලුම වැඩ කටයුතු සූදානම් කරමින් තිබෙනවා.

ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතා,

උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන මේ වනවිට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ග්‍රාමීය ජනතාවට මේ පණිවුඩය නිසි පරිදි අවබෝධ වී නැහැ. ඇතැමුන් තමන්ගේ ඉඩම් හිමි බලපත්‍ර නිවෙසේ තබාගෙන සිටීම තුළ සින්නක්කර ඔප්පුවක් ලබා ගැනීමට ඇති මහඟු අවස්ථාව අහිමිවී යන බව කිවයුතුයි.

ඒ නිසා හැකි ඉක්මණින් තම බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී තමා සතු බලපත්‍රය බාරදී කිසිඳු කොන්දේසියකින් තොරව සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලබාගැනීමට අයදුම් කරන්න කියන දැනුම්දීම ද මේ අවස්ථාවේ සිදු කරනවා.

එසේම මෙම කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, මිනුම්දෝරු දෙපාර්තමේන්තුව, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් සහ ග්‍රාම නිලධාරී වසමක් ආවරණය වන පරිදි මෙම ජංගම සේවාව පැවැත්විමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ගමට පැමිණෙනවා. එහිදී තමන්ගේ ඉඩම සම්බන්ධ ලිපි ලේඛන ලබාදී ලදුපතක් ලබාගතයුතුයි. උරුමය වැඩසටහන යටතේ තම සින්නක්කර ඉඩම් අයිතිය කඩිනමින් ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අභයගුණවර්ධන, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ කේ.ආර්. සරත් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.


Top Stories
wedivistara

උතුරු මැද පළාත් 11 ශ්‍රේණියේ විභාග යළි ආරම්භ කෙරේ

wedivistara

අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් 5 ක් අත්අඩංගුවට

wedivistara

ජනපති පෙබරවාරි මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක

wedivistara

රේගු පරීක්ෂාවෙන් තොරව කන්ටේනර් නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා විමර්ශනයට කමිටුවක්

wedivistara

ඡන්ද හිමි නාමලේඛණය සඳහා ලියාපදිංචිවීම මෙවර මාර්ගතගත ක්‍රමයට සිදු කෙරේ

wedivistara

"නාමල් සමග ගමින් ගමට" වැඩසටහනට ජනතාව එකතුවීම ගැන සතුටුයි - සාගර

Trending
wedivistara

සුවසැරියට නව ගිලන් රථ 150 ක් ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක්

wedivistara

සජබ හා UNP එක්ව මැතිවරණයට තරග කරනවා - රංජිත් මද්දුමබණ්ඩාර

wedivistara

අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදීමට 1997 කෙටි දුරකථන අංකය පොලීසිය විසින් හඳුන්වාදෙයි

wedivistara

වැටුප ගන්නේ නැත්නම්, කැන්ටිමෙන් කන්නේ, නිවාසයේ කුලිය ගෙවන්නේ කොහොමද කියලා රටට හෙළි කරන්න - ප්‍රසාද් සිරිවර්ධන

wedivistara

පැමිණිලි යොමුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

wedivistara

බහාලුම් ගැන එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරනවා - බස්නාහිර පළාත් ආණ්ඩුකාර


NEWS ALERT