Local

සීනි කිලෝවකට රුපියල් 50ක බද්දක්…

Monday, 04 November 2024 - 7:35 pm

2024 නොවැම්බර් මස 2 දින ඉවත් කිරීමට නියමිතව තිබූ රුපියල් 50 ක් වූ සීනි බද්ද නැවත පැණවීම, දුප්පත් මිනිසාට අල්ලට සීනි ටිකක් ලෙව කා තේ කෝප්පයක් බීමට තිබූ අවස්ථාවත් අහිමි කිරීමක් යැයි මාතලේ සමගි ජනබලවේගය දිස්ත්‍රික් නායිකා රෝහිණී කවිරත්න පවසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා 2024 නොවැම්බර් 1 දින 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ විධිවිධාන අනුව රු. 50 ක සීනි බද්දක් පනවා ඇත.

2023 නොවැම්බර් මස 1 දින මුලින්ම මේ ප්‍රශ්නගත සීනි බද්ද එවකට පැවති රජය විසින් පනවනු ලැබීය. මේ පිළිබඳ පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේ දී ද, වෙනත් ප්‍රතිපත්ති රැස්වීම්වල ද, දේශපාලන වේදිකාවේ ද මා විසින් විරෝධය දක්වන ලදී.

මේ පිලිබඳ රාජ්‍ය නිලධාරීන් පැවසූවේ, 2024 නොවැ. 01 දිනට පසුව මෙම බද්ද ඉවත් කරන බවය. සීනි බදු වංචා කිරීමෙන් අයථා ලාභයක් ඉපයීම වැලැක්වීමට මෙම බද්ද පනවනු ලැබූ බවත්, එය දීර්ඝව පවත්වාගෙන යාමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව මුළු රටම දනී.

සීනි බදු වංචාව සහ බදු ගසා ඉහළ නංවා ඇති සීනි මිල පාරිභෝගිකයා පීඩාවට පත් කරන ආහාර ද්‍රව්‍ය මිල ඉහළ නංවන දුෂ්ඨ හා සහාසික බද්ධකි.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ ද ඉන් පිටත ද, සීනි බද්දට විරුද්ධ අදහස් දැක්වීය. සීනි බද්ධ මහා වංචාවකට හේතුවක් වූ බව ද, සිය රජයක් යටතේ සීනි බදු වංචාව පිළිබඳ විමර්ශන පවත්වන බව ද, ප්‍රකාශ කළේය.

සීනි බදු වංචාව ගැන පරීක්ෂණ පවත්වනවා වරදකරුවන්ට දඩුවම් කරනු වෙනුවට, නැවත අලුතෙන් රු. 50 ක සීනි බද්දක් පැනවීමට රජය කටයුතු කර ඇත.

නිශ්චිත කාල වකවානුවක් සඳහා පමණක් පැනවූ බද්දක් අදාළ කාලය අවසන් වීමෙන් පසුව නැවත පණවන්නේ නම්, එය නව බද්දක් ලෙස ක්‍රියාත්මක වන්නේය.

සීනි සඳහා රු. 50 ක බද්ධක් පැනවීම තුලින් මහජනතාවට හිමි විය යුතුව තිබූ මිල සහනය අහිමි වන්නේය. ජීවන වියදම පහත දැමීමට ඇති අවස්ථාව අහිමි කර පාරිභෝගිකයින් පීඩාවට පත් කරන්නේය.

නැවත පනවනු ලැබූ රු. 50 ක සීනි බද්ද ඉවත් කර එහි වාසිය පාරිභෝගිකයා වෙත ලබා දෙන ලෙස බල කරන බවත් ඇය පවසන්නීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT