Local

අශේන් ගේ පෙත්සම විසිවෙයි

Wednesday, 23 October 2024 - 7:51 pm

ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් භාරදුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම කන්ඩායමේ නායක සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ අශේන් සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (23) ප්‍රතික්ෂේප කළේය. 

එම පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකාබැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මැතිවරණ නීතියට අනුකූලව සිය නාමයෝජනා පත්‍රය තේරීම්භාර නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබු බව සඳහන් කළේය.

එම නාමයෝජනා පත්‍රය භාරදෙන අවස්ථාවේ ඔහු එම ස්ථානයේ සිටි බවත් බලයලත් නියෝජිතයෙකු නාමයෝජනා පත්‍රය භාරනොදුන් බව සඳහන් කරමින් එය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය. 

මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුරේශා ද සිල්වා මහත්මිය සඳහන් කළේ පෙත්සම්කරු මැතිවරණ නීතියට අනුකූලව සිය නාම යෝජනා පත්‍රය ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ නිලධාරීන්ට සිදුවූ බව සඳහන් කර සිටියේය. 

නාම යෝජනා භාරදීමට අදාළව තේරීම්භාර නිලධාරියා විසින් නිකුත්කළ උපදෙස් මාලාවන් පෙත්සම්කරු විසින් නිසි ආකාරව පිළිපැද නොතිබූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නාය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට  නොතිසි නිකුත් කිරීමකින් තොරව එය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හඬ පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට සහ සිංහල දීප ජාතික පෙරමුණ පක්ෂය විසින් කුරුණෑගල පුත්තලම හා බදුල්ල දිස්ත්‍රික්ක වෙනුවෙන් භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කරන ලද පෙත්සම් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT