Local

ජනපතිවරණයට ඉදිරිපත් වන හිටපු කැබිනට් ඇමැතිවරුන් රටට කළ සේවය ජනතාවට හෙළිදරව් කරන්න

Friday, 16 August 2024 - 7:11 am

හිටපු කැබිනට් අමාත්‍යවරුන් හත්දෙනෙකු මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන නිසා ඔවුන් රට වෙනුවෙන් ඉටුකළ වැඩ කොටස ජනතාවට හෙළිදරව් කළ යුතුයි යැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂවල ඒකාබද්ධ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ ඒකාබද්ධ සංසදය අමතමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (15) මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

රජයන් රාශියක් යටතේ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් මාද අමාත්‍ය ධුර රාශියක වගකීම දරා තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවගේ කෘෂි නිෂ්පාදන සඳහා වෙළඳපොළක් නිර්මාණය කරනු වස් මීගොඩ, නුවරඑළිය, ඇඹිලිපිටිය, වේයන්ගොඩ, තඹුත්තේගම, වැලිසර, බෝකුන්දර, නාරාහේන්පිට ආදී වශයෙන් විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ජාලයක් රට පුරා ස්ථාපිත කරනු ලැබුවා.

සමූපකාර ව්‍යාපාරයට පුනර්ජීවයක් ලබාදෙමින් එතෙක් සමූපකාරවල නොපියවූ බැංකු ණය කපා හරිමින් කෝප් සිටි, මිනිකෝප් සිටි සංකල්පය රට පුරා ක්‍රියාත්මක කළා.

මුළුමනින්ම විනාශ කර දමා තිබූ සතොස වෙනුවට ලක් සතොස ශාඛා ජාලයක් රට පුරා ආරම්භ කරනු ලැබුවා.

අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් නිදහස් අධ්‍යාපනයේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය, තාක්ෂණය සඳහා විද්‍යාව යනාදී විෂයන් ඇතුළත් තාක්ෂණවේදී විෂය ධාරාව රටට හඳුන්වාදෙනු ලැබුවා. එම විෂය ධාරාවෙන් බිහිවන සිසුන් උපාධිධාරීන් බවට පත් කිරීම සඳහා ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තාක්ෂණ පීඨ ආරම්භ කෙරුණා.

පරිගණක හැටදෙකක් සහිත දෙමහල් මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දහසක් රට පුරා පිහිටවූවා. තෙමහල් මහින්දෝදය තාක්ෂණ පීඨ 251ක්‌ රටපුරා පිහිටවූවා. දකුණු ආසියාවටම පොදු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයක් මීපේ ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබුවා. ගුරු විද්‍යා පිඨ විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ යෝජනාව සකස් කරනු ලැබුවා.

වර්තමානයේ දරනු ලබන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය තුළින් සිදු කරන සේවයට අමතරව පෙර කී ආකාරයේ සුවිශාල මෙහෙවරක් මා විසින් නිහඬව කර තිබෙනවා.

එම සේවයට වඩා බොහෝ සේවාවන් රැසක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කැබිනට් අමාත්‍ය ධුර දැරූ අපේක්ෂකයන් විසින් ඉටුකර තිබෙනවා ඇති. එකී අපේක්ෂකයින් සියලු දෙනා අමාත්‍යවරුන් වශයෙන් ජනතාව දන්නා, නොදන්නා බොහෝ සත්කාරයන් සිදු කර තිබෙනවා ඇති. අතීත කාර්ය ඵල ඇගයීමෙන් අනාගත වගකීම් ඉටු කළ හැකි දැයි තීරණය කිරීමට මෙකී අපේක්ෂකයින්ගේ කාර්ය ඵල වාර්තා අතිශය වැදගත් වෙතැයි මා සිතනා බැවින් ඔවුන්ගේ අතීත කාර්ය ඵල වාර්තා අප ඉල්ලා සිටිනවා.

හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂවල ඒකාබද්ධ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ ඒකාබද්ධ සංසදයේ නියෝජිතයින් පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT