Local

බුදු දහමේ පැවැත්මට හානි වන කිසිඳු තීරණයක් පිළි ගන්නේ නැහැ – ජනපති අවධාරණය කරයි

Wednesday, 19 June 2024 - 7:15 am

කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය.

මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීම රජයේ අරමුණ බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තමන් කැපවී සිටින බවද අවධාරණය කළේය.

එසේම බුදු දහමේ පැවැත්මට හානි වන කිසිදු තීරණයක් රජය පිළි නොගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂ නව ප්‍රතිසංවිධානය යටතේ පත් කරන ලද කලාප සංවිධායකවරුන්ට පත්විම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අද (18) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පත් කෙරුණු නව කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ දෙවන අදියරට අද සහභාගිවීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. නමුත් ඒ පිළිබඳ ලැබී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව අනුව කාන්තාවන්ට සමානාත්මතාවක් හිමි වන්නේ නැහැ. රටේ ජනගහණයෙන් බහුතරයක් වන කාන්තාවන්ට එම අයිතිය ලබා ගැනීමට නොහැකි වීම මේ රටේ පාර්ලිමේන්තුවටත්, ව්‍යවස්ථාවටත් පටහැනි තීන්දුවක් ලෙස සැලකිය හැකි බව මම පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.

අපේ අරමුණ කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීමයි. එය ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වල ද ඇතුළත් වෙනවා. එම අරමුණ ඉටු කිරීමේදී ඊට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට හැකියාවක් නැහැ.

එම වැඩකටයුතු ඉටු කිරීම වෙනුවෙන් අප කැපවී සිටිනවා. ඒ නිසා ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස අද මම පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා. ඒ වගේම එම තීන්දුවෙන් බුදු දහමේ ආරක්ෂාවත් ඉවත් විය හැකි නිසා අපිට එම තින්දුව පිළිගත නොහැකි බව ප්‍රකාශ කළා. දැන් ඒ පිළිබඳ අප අවධානය යොමු කර කටයුතු කරමින් සිටිනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT