ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (20) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව වොෂිංටනයේ කැපිටල්හිදී ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේ ඔහු දිවුරුම්දීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
කෙසේ නමුත් වොෂිංටනයට පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් පළමු වරට ගෘහස්ත ස්ථානයකදී දිවුරුම්දීම පැවැත්වෙනු ඇති බවයි සඳහන් වෙන්නේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමෙරිකානු ජනාධිපති ධුරයේ දිව්රුම් දෙනු ලබන්නේ දෙවැනි වතාවට වන අතර මීට පෙර ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස 2017 වසරේ සිට කටයුතු කර තිබුණා.