Local

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඉහළ ට

Wednesday, 02 October 2024 - 12:49 pm

ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ගැටුම් වර්ධනය වී ලෝක ඉන්ධන සැපයුමට බාධා එල්ල වෙතැයි බියක් මතුවී තිබේ.

ඒ හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
   
බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 74.40ක් දක්වා වර්ධනය වී තිබුණි.

ඉරානය ලොව 7වැනි විශාලතම ඉන්ධන නිෂ්පාදකයා වෙයි. එසේම ඔපෙක් සංවිධානයේ තෙවැනි විශාලතම ඉන්ධන නිෂ්පාදකයා ය.

වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් Hormuz සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්ධන ප්‍රවාහන යාත්‍රා සඳහා ගමනාගමනයට බාධා එල්ලවිය හැකි බවයි.

ඉරානය සහ ඕමානය අතර පිහිටි මෙම මුහුදු මාර්ගය ලෝක ඉන්ධන වෙළෙඳාමට විශාල දායකත්වයක් ලබාදෙන අතර එය ඔස්සේ ලෝක ඉන්ධන සැපයුමෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙයි.

අනෙකුත් ඔපෙක් සාමාජික රටවල් වන සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කුවේට් සහ ඉරාකය ද සිය ඉන්ධන ප්‍රවාහනය සඳහා මෙම සමුද්‍ර මාර්ගය භාවිත කරයි.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT