Local

රෝහිතගේ ඥාති පුතෙකු පසුපස පොලිසිය පන්නයි.. ඔහු අතුරුදන්.. රටින් පිටවීම තහනම්..

Wednesday, 13 November 2024 - 1:05 pm

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ ඥාති පුත්‍රයෙකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

හිටපු මන්ත්‍රීවරයාගේ දියණියගේ සැමියාගේ සහෝදරයෙකුට අයත් සුඛෝපභෝගී වාහන දෙකක් නීති විරෝධී ලෙස එකලස් කරන ඒවා බවට රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් වීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාළ වාහන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට පැමිණෙන්නැයි අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණත් ඔහු පොලිසිය මගහැරීම හේතුවෙන් මෙම නියෝගය අධිකරණය හරහා ලබාගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අවස්ථා කිහිපයකදී ඔහුගේ නිවසට ගියත් ඔහු නිවසේ සිට නැත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT