Local

ගාල්ල ශ්‍රී හෘදය කන්‍යා­රා­මයේ ගණ­කා­ධි­කරණ විභාග දරු­වන්ට අසා­ධා­ර­ණ­යක්

Monday, 22 January 2024 - 11:14 am

ගාල්ල ශ්‍රී හෘදය කන්‍යා­රා­මයේ ශාලා අංක 2 විභාග මධ්‍ය­ස්ථා­න­යේදී උසස් පෙළ විභා­ගයේ පෙරේදා (20) පැවති ගණ­කා­ධි­ක­රණ ප්‍රශ්න පත්‍ර­යට පිළි­තුරු ලිය­මින් සිටි තම දරු­වන්ට බල­වත් අසා­ධා­ර­ණ­යක් සිදු වූ බව එම දරු­වන්ගේ දෙමා­පියෝ පව­සති.

ඔවුන් පව­සන්නේ දරු­වන් ප්‍රශ්න පත්‍ර­යට පිළි­තුරු ලිය­මින් සිටින විට ඔවුන් ගෙනෙන ලද ගණක (කැල්කි­යු­ලේ­ටර්) යන්ත්‍ර විභාග ශාලා­ධි­ප­ති­නිය විසින් එකතු කර ගෙන ඇති බවය. පසුව විභාග ශාලා­ධි­ප­ති­නිය දකුණු පළාත් අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ව­රි­ය­කට පවසා ඇය විභාග දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ලබා ගන්නා ලද උප­දෙස් මත විනාඩි තිහ­කට පසුව එම ගණක යන්ත්‍ර ආපසු ලබා දී ඇති බවත් එසේ ලබා දී ඇත්තේ ඒවා කල­වම් කර නිසා තම තමන්ගේ ගණක යන්ත්‍ර තෝරා ගැනී­මට බොහෝ වේලා­වක් ගත කර­න්නට සිදුව ඇතත් ඒ සඳහා ගත වූ කාලය වෙනු­වෙන් අම­තර කාල­යක් ලබා දී නැති බවත් දෙමා­පියෝ පැව­සූහ. මේ නිසා දරු­වන් අඬ­මින් විභාග ශාලා­වෙන් පිට­තට පැමිණි බවද දෙමා­පියෝ කීහ.  මේ පිළි­බඳ අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රි­යෙ­කු­ගෙන් විමසූ විට කියා සිටියේ විභාග දෙපා­ර්ත­මේ­න්තුව විසින් අනු­මත කරන ලද ගණක යන්ත්‍ර හැර සිසු­වි­යන් කීප දෙනෙකු වෙනත් ගණක යන්ත්‍ර ගෙන­විත් තිබූ නිසා විභාග ශාලා­ධි­ප­ති­නිය ඒවා ලබා ගෙන ඇති බවය. ඒ සම්බ­න්ධ­යෙන් දෙමා­පි­යන් පැව­සුවේ සිසු­වි­යන් විභාග ශාලාවේ වාඩි වීමට පෙර එම යන්ත්‍ර පරීක්ෂා කළ යුතුව තිබූ බවය. එම නිසා මේ සම්බ­න්ධ­යෙන් තම දරු­වන්ට සාධා­ර­ණ­යක් ඉටු කරන ලෙසද දෙමා­පියෝ ඉල්ලා සිටිති.  මේ පිළි­බඳ විම­සී­මට විභා­ගය අව­සන් වීමෙන් පසු විභාග ශාලා­ධි­ප­ති­නිය හමු­වී­මට මාධ්‍ය­වේ­දීන් ගිය විට කන්‍යා සොහො­යු­රි­යන් දෙදෙ­නෙක් සහ පාසලේ මුර­කරු මාධ්‍ය­වේ­දීන්ට දොස් පවරා ඉවත්ව යන ලෙස පවසා දරු­ව­න්ගෙන් ප්‍රකාශ සට­හන් කර ගෙන ප්‍රධාන දොර­ටුව මඟ­හ­රවා වෙනත් දොර­ටු­ව­කින් යවන ලදි.

 
 
 
 


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT