Local

වෙනත් වසරවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූණා – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල

Friday, 05 April 2024 - 4:11 pm

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පැවසුවාය.

මෙම වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු අවධානම් කලාප 64ක් හඳුනාගෙන තිබුණ ද එය අද වන විට කලාප දෙකක් දක්වා පාලනය කර ගැනීමට හැකි වූ බව ද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද සඳහන් කළාය,

උත්සව සමයේ දී අනාරක්ෂිත ආකාරයට ගිනිකෙළි භාවිතය හේතුවෙන් සෑම වසරකදීම අනතුරු වාර්තා වුණා. ඒ නිසා මෙවර අලුත් අවුරුදු සමයේ දී පවුලේ සාමාජිකයන් සමඟ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ වගේම ඉකුත් සමයේ ඩෙංගු ව්‍යාප්තිය පලනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන විවිධ ප්‍රචාරයන් සිදු කෙරුණා. ඒ සඳහා සෞඛ්‍ය අංශ සහ මාධ්‍ය ආයතන දැක්වූ දායකත්වය පිළිබද ස්තුති කළ යුතුයි. සැබැවින්ම පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට අපට හැකි වුණා.

ජනවාරි මාසයේ ඩෙංගු අවධානම් කලාප 64ක් පැවතුණා. එය අද වන විට කලාප දෙකක් දක්වා පාලනය කර ගැනීමට හැකි වී තිබෙනවා. ජනවාරි මාසය වන විට රෝගීන් දහස ඉක්මවා වාර්තා වුණා. එය අද වන විට රෝගීන් වාර්තා වන ප්‍රමාණය 200 දක්වා අඩු වී තිබෙනවා. ඒ සඳහා දේශගුණික තත්ත්වයන් ද බලපෑ බව පැවසිය යුතුයි.

ජනවාරි මාසයේ සිට වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,365ක් වාර්තා වුණා. ඉන් 7289ක් වාර්තා වුණේ බස්නාහිර පළාතෙන් බව ද සඳහන් කළ යුතුයි. 2024 වර්ෂය තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 08ක් පමණයි.

එමෙන්ම ඉදිරි කාලයේදී ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් මර්දනය කිරීම සඳහා ඉතාමත් ක්‍රියාශීලි වැඩපිළිවෙලක් මේ දිනවල ක්‍රියාත්මක වනවා. වසංගත තත්ත්වයන්ගෙන් මිදීම සඳහා එය බෙහෙවින්ම උපකාරී වන බව පැවසිය යුතුයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT