රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙකුට එරෙහිව අවසාන නිවේදන නිකුත් කර බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
රාජ්‍ය දේපළ අවභාවිතය අධික ලෙස සිදුකල අමාත්‍යංශවල ලෙක්ම්වරුන් දෙදෙනෙකු එලෙස මැතිවරණ කොමිසමට කැඳවා අදාළ දැනුවත් කිරීම සිදුකර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව හමුවට මැතිවරණ නිරික්ෂකයින් පළමුවරට ඊයේ (07) කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී තිබේ.
එහිදී මැතිවරණ නිරීක්ෂකයින් සඳහා නව නිර්ණායක සමුදායක් ද හඳුන්වා දුන් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව පැවසීය.