Local

දෙසැම්බර් සිට පාස්පෝට් නිකුත්කිරීම වේගවත් වෙයි

Friday, 01 November 2024 - 7:26 pm

දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී හිස්ගමන් බලපත්‍ර ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් ලැබීමට නියමිත බවයි. 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවත්, එම ක්‍රමවේදය නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

විදේශ ගමන්බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමග ඇති කරගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව ‘P’ කාණ්ඩය යටතේ හිස් ගමන්බලපත්‍ර 50,000ක් මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

මෙම ප්‍රමාණයට අමතරව නොවැම්බර් මස අග භාගයේදී තවත් 100,000ක පමණ හිස් ගමන්බලපත්‍ර ප්‍රමාණයක්ද, දෙසැම්බර් මාසයේදී තවත් 150,000ක පමණ හිස් ගමන්බලපත්‍ර ප්‍රමාණයක්ද වන ලෙස 750,000ක හිස් විදෙස් ගමන්බලපත්‍ර තොගයක් ඉදිරියේදී ලැබීමට නියමිතය. 

ඊට සමගාමීව තවත් හිස්ගමන් බලපත්‍ර තොගයක් ප්‍රසම්පාදනය කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට දිනකට 1,600ක පමණ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් අයදුම්කරුවන් වෙත නිකුත් කරනු ලබයි.

ඒ අනුව ඉහත තොග ලැබීමත් සමග දෙසැම්බර් මස මුල සිට මෙම ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය කර අයදුම්කරුවන් විසින් ඉල්ලුම් කරනු ලබන ගමන්බලපත්‍ර ප්‍රමාණයට සරිලන ආකාරයට ගමන්බලපත්‍ර නිකුත් කිරීමට හැකිවනු ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT