Local

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීට නොතීසි

Tuesday, 11 March 2025 - 2:51 pm

අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන්, අප්‍රේල් මස 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙසට දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත නොතීසි නිකුත් කිරීමට අද (11) නියෝග කර තිබෙනවා.
රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නමැත්තාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් පසු, රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසට අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කර නොමැති බවට හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ මෛත්‍රිපාල සිරිසේන විසින් එම මුදල මේ දක්වා ගෙවා නොමැති බවයි. 
ඒ අනුව මෙම වන්දි ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙසට දන්වා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත නොතීසි නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT