Local

රට ගොඩනැඟීමට සත්භාවයෙන් මැදිහත් වන මිනිස් සමූහයකගේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි – ජාජබ නායක අනුර කුමාර දිසානායක

Monday, 26 February 2024 - 9:29 am

මේ රට ගොඩ නැඟීමට සත්භාවයෙන් මැදිහත් වන මිනිස් සමූහයකගේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගයේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමිනි. මෙය පෙරේදා (24) දින පැවැත්විණ.

ජාතික ආරක්ෂාව යනු බයිනෙත්තුවක් අතින් ගත් සොල්දාදුවෙක් හන්දියක සිටුවා තැබීම නොවන බවද කී දිසානායක මහතා ආරක්ෂාව පිළිබඳව විශේෂඥයින් ජාතික ජන බලවේගයේ වේදිකාවේ සිටින බවද සඳහන් කළේය.

මෙරට මහ පොළොවේ ඉපදුණු විද්‍යාඥයින්ගෙන්, පර්යේෂකයින්ගෙන් අපට වැඩ ගත නොහැකි වුණාට ලෝකයට වැදගත් එවන් පිරිසක් ඉන්නවා. ඔවුන් නැවත මෙරටට පැමිණෙන්න සූදානම්ව සිටිනවා. රටක් ලෙස අපට බොහෝ තැන්වල වැරදී තිබෙනවා. 1918 දී මාධ්‍යවේදියෙකු ලෙනින්ගෙන් අහනවා, සමාජවාදය සම්පූර්ණ කරන්නෙ කවදාද කියා. ලෙනින් උත්තර දුන්නේ, සෝවියට් දේශය විද්‍යුත්කරණය කර සම්පූර්ණ කරන දිනයේදී කියලයි. විමලසුරේන්ද්‍ර මහත්තයලාට, මාර්ටින් වික්‍රමසිංහ මහත්තයලාට, සරත්චන්ද්‍ර මහත්තයලාට, සේනක බිබිලේ මහත්තයලාට අපේ රට ගෙන යායුතු දිසාව පිළිබඳව දැක්මක් තිබුණා.

අප මේ රටත් මේ රටේ ජනතාවත් විදුලි කෝච්චියට නංවන නව යුගයක් නිර්මාණය කරනවා. පැරණි ක්‍රමය මතකයේ තබාගෙන අපෙන් ප්‍රශ්න අහනවා වෙනුවට නව පරිවර්තනයක් පිළිබඳව චිත්‍රයක් සිතේ මවාගෙන ප්‍රශ්න අහන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. ජාතික ජන බලවේගය යෝජනා කරන්නේ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ මධ්‍යස්ථානයක් යයිද මෙහිදී අනුර කුමාර දිසානායක පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT