Local

බැංකු නෝනා සැමියා එක්ක හවුල් වී ගනුදෙනුකරුවන්ගේ පර්ස්වලට විදලා

Friday, 26 January 2024 - 8:49 pm

ඉහළ පොලී දෙන බව කියා සල්ලි අරන් බොරු චෙක් දීලා

වැඩි මුදලක් ගන්න අය ගැන සේවිකාව සැමියාට ඔත්තු දී වංචාවට හසු කරගෙන

මහලු අයකු මුළා කර ලක්ෂ 6ක් සොරාකාලා

කිළිනොච්චියේ පෞද්ගලික බැංකු සේවිකාවක් සිය සැමියා සමඟ එක්ව කිළිනොච්චියේ මහලු පුද්ගලයකු රවටා රුපියල් ලක්ෂ හයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාව කිළිනොච්චිය පොලිසිය විසින් ඉකුත්දා (23) අත්අඩංගුවට ගෙන තිබේ.

කිළිනොච්චියේ මහලු පුද්ගලයකු බැංකුවෙන් ලබා ගත් රුපියල් ලක්ෂ හයක මුදල වෙනුවෙන් ඔහුට ඉතා ඉහළ පොලියක් ලබා දෙන බව පවසා මුළා කොට එම මුදලට ව්‍යාජ චෙක්පතක් දී ඔහුව රවටා තිබේ. මේ පිළිබඳව මහලු පුද්ගලයා කිළිනොච්චිය පොලිසියට කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසුව මුලින්ම බැංකු නිලධාරිනියගේ ස්වාමියා ද පසුව එම සේවිකාව ද අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම බැංකු සේවිකාව හා ඇගේ ස්වාමිපුරුෂයා එක්ව සේවිකාව සේවය කරන බැංකුවේ ගනුදෙනුකරුවන් රවටා විශාල මුදලක් වංචා කොට ඇති බවයි.

සේවිකාව සේවය කරන බැංකුවේ ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයෙන් මුදල් ආපසු ලබා ගන්නා විට ඔහු පිළිබඳ තොරතුරු අදාළ සේවිකාව සිය සැමියාට දැනුම් දී ඒ ඔස්සේ ගනුදෙනුකරුවා හමු වී මුදල් වංචා කිරීම ඔවුන් දෙදෙනාම කලක පටන් සිදු කරගෙන ගොස් තිබේ. කිළිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT