Local

පුංචි ඡන්දෙ ගැන කොමිසමෙන් නිවේදනයක්

Thursday, 03 October 2024 - 8:20 pm

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කර ඇත.

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් අයදුම්පත් සම්බන්ධයෙන් 2024.08.22 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිසි ගෞරවයෙන් යුතුව සැලකිල්ලට ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සිය කාර්යභාරය මැනවින් වටහාගෙන කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

2024 අගෝස්තු මස 22 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුකූලවෙමින් නීතියෙන් නියම කර ඇති මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරය ද සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහාම කොමිෂන් සභාව විසින් හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කිරීමට කටයුතු කරනු ලබන බව ද අදාළ නිවේදනය මඟින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය අතරතුර මීට පෙර තීරණය කළ පරිදි ඔක්තෝබර් මස 26 වනදින ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT