Local

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් 21දා දියතලාවේදී මහ ඉහළින්

Wednesday, 03 April 2024 - 8:34 am

ශ්‍රී ලාංකේය මෝටර් රථ හා යතුරුපැදි ක්‍රීඩාවේ දැවැන්තම තරගාවලිය ලෙස සැලකෙන ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියට මෝටර් රථ ධාවකයෝ 150ක් හා යතුරුපැදි ධාවකයෝ 120ක් ලියාපදිංචිය සහතික කරති. කොරෝනා උවදුරෙන් වසර පහකට පසු යළිත් ආරම්භවන ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියට ඉතිහාසයේ කිසිදිනෙකටත් වඩා විශාල පිබිදීමක් ඇතිවීම මෝටර් රථ ක්‍රීඩාව ලැබූ ඉදිරි පියවරක් බව ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමයේ සභාපති අෂ්හර් හමීම් සඳහන් කර සිටී.

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය මේ මස 21 දා දියතලාවේදී පැවැත්වෙන අතර, එය වසන්ත සමයේ සැණකෙළි ස්වරූපයක් උසුලන ආකාරයෙන් සංවිධාන කර ඇතැයි හමීම් මහතා පැවසීය. ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය හා ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය එක්ව සංවිධාන කරන අතර, මෙරට මෝටර් රථ ධාවකයන්ට සහ යතුරුපැදි ධාවකයන්ට තරග ඉසව් 25කදී සිය දක්‍ෂතා විදහා දැක්වීමට අවස්ථාව උදාවනු ඇත. මෙවර ඉන්දීය මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන් කිහිපදෙනකුගේ සහභාගිත්වය ස්ථීර කර ඇති හෙයින් තරගාවලිය වඩාත් තියුණු මුහුණුවරක් ගනු ඇත. අවසන් වරට පැවති තරගාවලියේ මෝටර් රථ අංශයේ ජයග්‍රාහක අශාන් සිල්වා මෙවර තරගාවලියට එක් වේ.

දියතලාවේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ යටිතල පහසුකම් සහ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතියක් ලෙස මේ තරගාවලිය පවත්වනු ලබයි. ජර්මනියේ හෑන්ස් රුල්ෆ් නමැත්තා විසින් 1993 වර්ෂයේදී නිර්මාණය කරන ලද දියතලාව නරියා කන්දේ පිහිටි ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන පථයේ වසර ගණනාවක් තරග නොපැවැත්වූ හෙයින් ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමයේ සහයෝගය මත යළි ප්‍රතිසංස්කරණය කිරීමට යුද හමුදාව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිලධාරිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය මේ තරගාවලිය වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරා ඇති අතර, ඒෂියන් පේන්ට් කෝස්වේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදී තිබේ. සිලෝන් ඇග්‍රෝ, මැක්ලරන්ස්, ෆින්ලෑන්ඩ් හෝල්ඩිං, බ්‍රවුන්ස් සමූහ ව්‍යාපාර, රයිනෝ රූෆින් හා ඩග්ලස් සහ පුත්‍රයෝ යන ආයතන ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදී තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT