Local

මෙරටින් පිටව යන නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර හමුවක්

Friday, 05 January 2024 - 11:17 am

ශ්‍රි ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා ඊයේ (04) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුව තිබෙනවා .

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි මහ කොමසාරිස්වරයා ආරක්ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවා .

මහ කොමසාරිස්වරයා සහ ආරක්‍ෂක ලේකම් අතර පැවති සුහද හමුවේදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා සිය ධුර කාලය තුළදී ආරක්‍ෂක අමාත්‍යාංශය ලබාදුන් සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව ආරක්‍ෂක ලේකම්වරයා වෙත පළ කළ බවයි පැවසෙන්නේ

මේ අතර, නවසීලන්ත මහ කොමසාරිස්වරයා විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය සහ එහි කාර්ය මණ්ඩලය වෙත ලබාදුන් සහයෝගය පිළිබඳව ද ආරක්ෂක ලේකම්වරයා සිය ස්තූතිය පළ කළ අතර, දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වූ ඔහුගේ සහය ද අගය කරනු ලැබුවා


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT