Local

ආරුගම්බේට සැලසුම් කර තිබුනේ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් යයි හෙලිවී නෑ…- පොලිසිය

Saturday, 26 October 2024 - 11:16 am

මෙරට ස්ථාන කීපයකට එල්ල වනු ඇති බවට තුරු වාර්තා වූ ප්‍රහාරය ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර සැලසුම් කළ ප්‍රහාරයක් බව අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරයි.

නමුත් එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි මෙතෙක් නිරීක්ෂණය වී නැති බවද හෙතෙම කියා සිටියේය.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

‘පෙරේදා දිනයේදී අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනය නිකුත් කරන්න කලින් දවසේ රාත්‍රියේ සිට පොතුවිල් පොලිස් බලප්‍රදේශය තුළ අපි ආරක්ෂාව යොදවලා තිබුණේ. පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලීසිය, බුද්ධි අංශ, හමුදාව මෙන්ම නාවික හමුදාව පවා මුහුදේ සංචාරවලට යොදවලා තිබුණේ”.

අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරලා තියෙන්නේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කරන්න එපා කියලා. ඒ හැරෙන්න ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න එපා කියලා අනතුරු ඇඟවීමක් කරලා නැහැ.

ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි ප්‍රහාරයේ ස්වභාවය අනුව එය ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා මෙතෙක් අපට නිරීක්ෂණය වෙලා නෑ. මැදපෙරදිග කලාපයේ තිබෙන යුදමය තත්ත්වය නිසා ඊශ්‍රායල ජාතිකයන්ට ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකේ කොතැනක වුවත් අනතුරුදායක ස්වභාවයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් ඉලක්ක කරගත් ප්‍රහාරයක් කියල තමයි ආවේ. ඒ හැරෙන්න වෙනත් රටක විදෙස් ජාතිකයෙක් ඉලක්ක කරගෙන හෝ ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගෙ හෝ වෙතක් කඩාකප්පල්කාරී සිද්ධියක් නෙමෙයි.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය කුමන ආකාරයයෙන් වෙනවද කියන එක ගැන තහවුරුවීමක් නැහැ. ප්‍රහාරය ගැන මුල සිට පරීක්ෂණ සිදුකරලා යම්කිසි තහවුරු කිරීමක් කරගත්තා. ඒ නිසා අවසන් දිනවන විට පිරිමි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පුළුවන් වුණා. මේ සියලුදෙනා ශ්‍රී ලාංකිකයෝ. රඳවාගෙන ප්‍රශ්න කරලා නිවැරදි තොරතුරු අනාවරණය වූ පසු ඒ පිළිබඳ අවස්ථාවක මාධ්‍යයට ලබාදීමේ හැකියාව තියෙනවා’


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT