චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය නඩත්තු කිරීම සඳහා වසර තුනකදී (2022-2024) රුපියල් කෝටි 27 ක් පමණ වැය කර ඇතැයි මහ බැංකු වාර්තාවල සඳහන් වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික වදනා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉර්දි ලංකාදීපයට පැවසීය.
මෙම පිරිස නඩත්තුවට පසුගිය 2022 වර්ෂයේ දී වැය කර ඇති මුදල රුපියල් කෝටි හතකි.
2023 වර්ෂයේදී එය කෝටි අටකට වැඩි මුදලක් දක්වාද මේ වසර වෙන විට එය කෙටි 11කට වැඩි මුදලක් දක්වාද වර්ධනය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මෙම හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපති ආර්යාවට වෙන්කර ඇති මුදල් ප්‍රමාණයේ සියයට 45 ක පමණ වර්ධනයක් වී ඇත.