Local

“නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනපති COP28 සමුළුවට ඉදිරිපත් කරයි

Sunday, 03 December 2023 - 9:00 pm

  • ගෝලීය උෂ්ණත්වය මැඩලීමට සහ තිරසාර සංවර්ධනය සහතික කිරීමට බහුපාර්ශ්වික ප්‍රවේශයක්.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීම සහ නිවර්තන කලාපීය ජාතීන් සඳහා තිරසර සංවර්ධනයක් සහතික කිරීම අරමුණු කරගත් අනාගතවාදී වැඩපිළිවෙළක් වන “නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (02) COP28 සමුළුව වෙත ඉදිරිපත් කළේය.

දේශගුණික අරමුදල්වල ආකෘතිමය වෙනසක් සහ ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා බහුපාර්ශ්වික ප්‍රවේශයක අවශ්‍යතාව මෙම සැලැස්ම කඩිනම් කිරීමට හේතු වූ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වසර 2030 වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමේ ඉලක්කය ඉටුකර ගැනීමේ අවිනිශ්චිතතා පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති ‍රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශනය ආරම්භ කළේය. මෙම තීරණාත්මක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇති 50%ක අවස්ථාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අනෙකුත් රටවලින් මූල්‍යධාර ලැබීම අපේක්ෂා කළ නොහැකි බවද කියා සිටියේය.

එබැවින් මෙම අරමුදල් සපයා ගැනීමට නිවර්තන සහ නිවර්තන නොවන රටවල් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම වනාන්තර, වගුරු බිම් සහ කඩොලාන වැනි අත්‍යවශ්‍ය ස්වභාවික සම්පත් කේන්ද්‍ර කර ගත් ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර ඇති බවත්, ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහිව සටන් කිරීමට මෙම ආයෝජන අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

දේශගුණික විපර්යාසවලට මහුණදීමේ දී වාර්ෂිකව වැය කරන ඩොලර් ට්‍රිලියන ගනණක මුදල් ඉතිරි කර ගැනීමට මේ තුළින් හැකියාව ලැබෙනු ඇති බවද පැවසූ ජනාධිපතිවරයා පෞද්ගිලක අංශයේ දායක්තවය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

නීල ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර ඉන්දියානු සාගරයක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියානු සාගර වට අද්දර සංගමය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම සහ තිරසාර ඉන්දියන් සාගරයක් පිළිබඳ ප්‍රයත්නයන් ලොව විශාලතම කාබන් අවශෝෂකය නිර්මාණය කරනු ඇති බවද සඳහන් කළේය.

මාලදිවයින, කෙන්යාව, බ්‍රසීලය යන රටවල ජනාධිපතිවරුන් මෙන්ම එමානුවෙල් සහ ප්‍රංශ ජනපති මැක්‍රොන් ඇතුළු ලෝක නායකයන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී, ඔවුන් මෙම වැඩපිළිවෙළ පිළිබඳ දැඩි උනන්දුවක් දැක් වූ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය .

නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ සොයා ගැනීම් බ්‍රසීලයේ COP30 හි ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.

ශ්‍රී ලංකාව සහ ‍මාලදිවයින අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට යෝජිත දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය (ICCU) සඳහා වන සැලැස්ම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී එළිදක්වනු ලැබීය. මෙම විශ්වවිද්‍යාලයේ අරමුණ වනුයේ දේශගුණක විපර්යාස මැඩ පැවැත්වීම කෙරෙහි ධාරිතා ගොඩ නැංවීම සහ මධ්‍යගත පර්යේෂණ සඳහා අවකාශ සැළසීමයි.

දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවශ්‍ය අරමුදල් ඒකරාශී කර ගැනීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් මිදීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මෙම ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය මගපෙන්වනු ඇති බවද සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් මහතාද මෙම අවස්ථාව සඳහා සහභාගි වූ අතර දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට ප්‍රශංසාව පළ කළ මැල්කම් ටර්න්බුල් මහතා ඉන්දියානු සාගර කලාපය ආරක්ෂා කර ගැනීම එම රටවල් ඉදිරියේ ඇති විශාලතම අභියෝගය බවද පැවසීය.


Top Stories
wedivistara

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශයක් නිකුත් කරයි

wedivistara

කොච්චිකඩේ දේවස්ථානය අසලදී ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා මුදා හැරීමට නියෝග

wedivistara

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

wedivistara

නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහි රිට් පෙත්සම් 20ක් අභියාචනාධිකරණ විසින් ප්‍රතික්ෂේප කරයි

wedivistara

රැගෙන එන අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් බැහැර කරන ලෙස දළදා වන්දනාකරුවන්ට දැනුම්දීමක්

wedivistara

චාමර සම්පත් මැයි 05 දක්වා යළි රිමාන්ඩ්

Trending
wedivistara

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතුයි - රනිල්

wedivistara

සිරි දළදා වන්දනාව ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

wedivistara

පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා තියෙන්නේ ගම්මන්පිල - නලින්ද ජයතිස්ස

wedivistara

ලක්ෂ 57කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගතවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

wedivistara

ජූනි මාසයේ සිට අලුත් පවුල් ලක්ෂ හතරකට අස්වැසුම ලබාදීමට කටයුතු කරනවා - ජනපති


NEWS ALERT