Local

එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 4,000ක් පම​ණ වරාය තුළ ගොඩ ගැසිලා - බහාලුම් ප්‍රවාහන රථ හිමියන්

Tuesday, 19 March 2024 - 4:24 pm

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් රේගු නිලධාරීන් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් වරාය තුළ මේ වන විට නිෂ්කාශනය සඳහා බහාලුම් විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

මේ වන විට ආහාර සහ ඖෂධ අඩංගු බහාලුම් පමණක් නිෂ්කාශනය කිරීම සිදුකරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් එදිනෙදා අවශ්‍ය වන අනෙකුත් ද්‍රව්‍ය සහ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් 4,000ක් පමණ වරාය පරිශ්‍රය තුළ නිෂ්කාශනය නොකර පවතින බවයි එම සංගමයේ සභාපති සනත් මංජුල ප්‍රකාශ කළේ.

රාමසාන් උපවාස සමය සහ එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් විශාල ප්‍රමාණයක් ඉදිරියේදී නෞකා මගින් වරාය වෙත රැගෙන ඒමට නියමිත බවත් මේ හේතුවෙන් වරාය තුළ අධික තදබදයක් නිර්මාණය වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් මේ වන විට වරාය තුළ පවතින බහාලුම් සහ ඉදිරියේදී වරාය වෙත පැමිණෙන බහාලුම් නිෂ්කාශනය කර ගත නොහැකි වුවහොත් ඉදිරියේදී භාණ්ඩ හි​ඟයක්​ද ඇතිවිය හැකි බවයි බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT