Local

ජනපති සමග එක්වන බවට උතුරේ ප්‍රබලයෙක් කියයි

Monday, 14 October 2024 - 9:19 am

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්ව වැඩකිරීමට සූදානමින් සිටින බව උතුරේ දේශපාලන නායකයෙක් තමාට තහවුරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

තලවතුගොඩ ප්‍රදේශයේ අද (13) පැවති ජාතික ජන බලවේගයේ අපේක්ෂක හමුවකදී ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

'අපි මේ ගමන් කරමින් තිබෙන්නේ ශක්තිමත් දේශපාලන බලයක් අත්පත් කරගැනීම සඳහා සංක්‍රාන්ති අවධියක.  සමහර තීන්දු තීරණ සමහර ක්‍රියාකාරිත්වයන් සඳහා මීට වඩා ප්‍රබල දේශපාලන බලයක් අපට අවශ්‍යයි. 

2010දී මහින්ද රාජපක්ෂයට පාර්ලිමේන්තුවෙන් 2/3 බලයක් ලැබුණා. ඉන් අවුරුදු 5කට පසුව ඔවුන් පරාජයට පත්වුණා. 2020දී ගොඨාභය රාපක්ෂයට 2/3ක බලයක් ලැබුණා. හැබැයි අවුරුදු දෙක හමාරේදි පාර්ලිමේන්තුවේ 2/3 බලය සීසීකඩ ගියා. ජනාධිපතිවරයාට ගෙදර යන්න වුණා. 

ඒ නිසා ශක්තිමත් බලය කියලා කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ නිර්මාණය වන ඔළුගෙඩි ප්‍රමාණය පමණක් නෙමෙයි.   

උතුරේ ප්‍රධාන දේශපාලන නායකයෙක් අපට මුණගැහුණා.  ඔහු කිව්වා එළැඹෙන මහ මැතිවරණයෙන් පසුව ඔහුගේ කණ්ඩායම ජාතික ජන බලවේගය සමග වැඩකරන්න කැමතියි කියලා. ඒ වගේම ඔවුන් අපිත් එක්ක වැඩකරන්නේ නැත්නම් උතුරේ ජනතාව අපිත් එක්ක වැඩකරන්න සූදානම් වෙලා අවසන් කියලා කිව්වා'.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT