අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු හංවැල්ල - නිරිපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකරන රුපියල් ලක්ෂයක මුදලක්ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
විදේශ රටක සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ජාවාරම් කිරීම සඳහා මෙම සැකකරු වෙත ලබාදී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයට අනුව අනාවරණයවී තිබෙනවා.
සැකකරු හංවැල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.