රජයේ අමාත්‍යංශ හාආයතන වලට අයත් වාහනවල රාජ්‍යය ලාංඡනය හා එම ආයතනය හෝ අමාත්‍යාංශයේ නම මුද්‍රණය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
රජයේ වාහන අවභාවිතාව වැළැක්වීම සඳහා මේ පිළිබඳව අවධානය යොමු කර තිබේ.
මේ සම්බන්ධයෙන් උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතත් එම උපදෙස් නිසි පරිදි අනුගමනය කර නැති බවද හෙළි වී තිබේ.
රාජ්‍ය ලාංඡනයට අමතරව අමාත්‍යංශයේ හෝ ආයතනයේ නම ද වාහනයේ සටහන් කරන්නැයි අදාළ චක්‍රලේඛය මගින් උපදෙස් දී ඇත.
නව රජය විසින් එකී චක්‍රලේඛය ඒ ආකාරයෙන්ම බලාත්මක කිරීමට අවධාරනය යොමු කර තිබේ.