Local

හූති ප්‍රහාර හේතුවෙන් කොළඹ වරායේ තදබදයක්

Thursday, 18 January 2024 - 3:29 pm

හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස ​යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

වරායේ පර්යන්ත තුනේ නැව් ගත කිරීමේ කවුළු වැඩි වශයෙන් නැව්ගත කිරීමේ මාර්ග ඉල්ලා ඇති අතර ඉන්දියාවෙන් ප්‍රති නැව්ගත කිරීමේ පරිමාවද වැඩිවී ඇති බවද වරාය අධිකාරිය පෙන්වා දෙයි.

කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම නිසා වරායට සංක්‍රමණය වන නැව්වලට මැදපෙරදිග, දකුණු ආසියාවට සහ නැගෙනහිර ආසියාව වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

දකුණු අප්‍රිකාව පසුකර යන නැව්වලට පළමුවෙන් හමුවන වරාය කොළඹ වරාය වීමද තදබදය තවත් වැඩිවීමට හේතුවී ඇත.

ඊළඟට හමුවන සිංගප්පූරුව වරාය දුර බැවින් කොළඹ වරායට නැව් කඩිනමින් ළඟාවිය හැකි බවද වරාය අධිකාරිය පෙන්වා දෙයි.

කොළඹ වරායේ පවතින තදබදය නිසා අඩි 20 හා අඩි 40 කන්ටේනර මෙහෙයුම් 2023 වර්ෂයේ මිලියන 6.9 ක් සිදුකර තිබේ.

දැනට පවතින තත්ත්වය හේතුවෙන් මෙම වර්ෂයේ එම ප්‍රමාණය ඉහළ යනු ඇතැයි අධිකාරියේ විශ්වාසයයි.

තවද ඊශ්‍රායලයේ සිට අරාබි රටවලට ගමන් කරන නෞකාද එම රටවල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම නැව්ද කොළඹ වරායට පැමිණ ප්‍රතිනැව්ගත කිරීම් සිදුකරනු ලබයි.

හූති කැරළිකරුවන්ගේ ප්‍රහාර නිසා ශ්‍රී ලංකාවෙන් යුරෝපා රටවලට භාණ්ඩ අපනයනය කරන අපනයනකරුවන්ටද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ රතු මුහුද හරහා ගමන් කිරීමට නොහැකි වීම නිසා වෙනත් මාර්ගවලින් ගමන් කිරීමේදී අය කරන නැව් ගාස්තු ඉහළ යාම බවද වරාය අධිකාරිය පවසයි.

මේ අතර යේමනයේ හූති කැරලිකරුවන් අමෙරිකාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒඩ්න් බොක්ක මුහුදේ යාත්‍රා කරමින් තිබූ එම නෞකාවට හූති කැරලිකරුවන් විසින් ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් නෞකාව ගිනිගෙන ඇති බවට එහි කපිතාන්වරයා දැනුම් දී ඇත.

නෞකාවට ප්‍රහාරයක් එල්ල වූ බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, ඉන් ජීවිත හානි සිදු ව නොමැති බව වාර්තා වේ.

මේ අතර, හවුති කැරලිකරුවන් ගෝලීය ත්‍රස්තවාදී කණ්ඩායමක් බවට යළි නම් කිරිමට අමෙරිකාව සූදානම් වේ.

2021 වසරේ දී ලෝක ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඔවුන් ඉවත් කර තිබූ අතර, රතු මුහුදේ ප්‍රහාර හේතුවෙන් යළි හූති කැරලිකරුවන් ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමට නියමිතය.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT