Local

මන්ත්‍රි රෝහිත මන්ත්‍රි රාසමාණික්කම්ට පහර දෙන්න හදලා

Friday, 08 March 2024 - 8:35 am

පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය අසල දී පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන තමන්ට පහරදීමට පැමිණි බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රි ශානක්‍යයන් රාසමාණික්කම් (07) නියෝජ්‍ය කථානායක වෙත පැමිණිලි කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්‍යම් රාසමාණික්කම් මහතා මෙසේ ද පැවැසීය.

‘මෙම සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකි සිදුවීමක්’ අදාළ සිදුවීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට ඉදිරිපත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මන්ත්‍රීවරයා මුලසුනෙන් ඉල්ලා සිටියේය.

‘මට මන්ත්‍රීවරයෙක් තර්ජනය කළා. අගමැතිතුමාගේ කාර්යාලයේදී පාර්ලිමේන්තුවේ. අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමැතිතුමා නැත්නම් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයා මට පහර දෙනවා. ඒකට අගමැතිතුමාගේ කාර්යාලයේ නිලධාරීන් අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමැතිවරයා සාක්ෂි දරනවා. මට කිව්වා ඔබ ආණ්ඩුවට විරුද්ධව කතා කරලා කොහොමද අපේ අගමැතිතුමා හමුවෙන්නේ. මේ අපේ අගමැතිතුමා කිව්වා. මම කිව්වා මේ රටේ අගමැතිනේ කියලා. එතකොට ඔහු කිව්වා මොකක්ද තමුසේ කියන්නේ කියලා මගේ ඉස්සරහට ආවා. අපිටත් ගහගන්න පුළුවන්. ඒත් විනයක් තිබෙනවා. මට කිව්වා ලිෆ්ට් එක ගාවට පුළුවන් නම් තමුසේ එනවා කියලා. අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමැතිතුමා මේ මන්ත්‍රීවරයාව ඒ අවස්ථාවේ ඉවත් කළේ නැත්නම් මට ගහනවා. ඒ පහරදීමට හේතුව මම දෙමළ මන්ත්‍රීවරයෙක් වීම. මොකද ඔහු පැහැදිලිව කිව්වා තමුසේ කොහොමද අපේ අගමැතිතුමා හම්බවෙන්න එන්නේ කියලා. මේකද සංහිඳියාව ගැන රටට දෙන පණිවුඩය. මම මේ පාර්ලිමේන්තුවෙන් එළියට යනවිට මට සීරීමක් වුණොත් රෝහිත අබේගුණවර්ධන තමයි වගකියන්න ඕනේ. මේ පැමිණිල්ල පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුව හමුවට ගේන්න කියලා.

රෝහිත අබේගුණවර්ධන මහතා –

‘මමත් ඉල්ලීමක් කරනවා ඒ වරප‍්‍රසාද කමිටුව හමුවට මාවත් ගෙන්නලා අදහස් අහන්න. මම කැමැතියි ඒ කමිටුව හමුවට එන්න. මම අවුරුදු 25ක් තිස්සේ දෙමළ මන්ත්‍රීවරු එක්ක හිටියා. මම ඇහුවේ මොකද මේ අගමැතිතුමාගේ කාර්යාලයේ කියලා. ලිෆ්ට් එක ළඟට එන්න කිව්වේ පරෙස්සමින් එක්කන් යන්න.’


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT