Local

හාල්වල ඇති කැඩ්මි­යම් ඊයම් වැනි බැර ලෝහ වකු­ගඩු රෝග­ව­ලට හේතු­වක්

Friday, 02 August 2024 - 7:25 am

සහ­ල්වල කැඩ්මි­යම් සහ ඊයම් යනාදි බැර ලෝහ අඩංගු බවට සිදු කරන ලද පර්යේ­ෂ­ණ­ය­කින් තහ­වුරු වී ඇතැයි සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ආහාර පාලන ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් විශේ­ෂඥ වෛද්‍ය ආනන්ද ජය­ලාල් මහතා පැව­සීය.

හඳුනා නොගත් වකු­ගඩු රෝගීන්ට එය හේතු­වක් වී ඇතැයි ද ඒ මහතා කීවේය.

සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ පැවැති ආහාර සම්බ­න්ධව සමා­ජයේ පව­තින දුර්මත සම්බ­න්ධ­යෙන් වූ මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව පෙරේදා (31) පැව­සු­වේය.

සෑම ආහා­ර­යක්ම අගුණ වන අතර ග්‍රෑම් 200ක බත් පිඟන් තුනක් තුන් වේලට කෑම අගුණ බවත් එම­ඟින් දිය­වැ­ඩි­යාව, අධි රුධිර පීඩ­නය, ස්ථූල­තාව යනාදි රෝග­ව­ලට ගොදුරු විය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ආහාර මඟින් ඇතැම් රෝග සුව කළ හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචා­ර­ව­ලට නොරැ­ව­ටෙන ලෙස

ආහාර මඟින් යම් රෝග­යක් සුව­පත් කළ හැකි බවට පව­සන්නේ නම් ඒ සම්බ­න්ධ­යෙන් විධි­මත් විද්‍යා­ත්මක පරී­ක්ෂ­ණ­යක් සිදු කර මෙරට ප්‍රධාන ආහාර බල­ධා­රියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යා­ගෙන් අව­සර ගත යුතු බව ද ඒ මහතා පැව­සු­වේය.

පෝෂ­ණය, ශරීර ක්‍රියා­කා­රී­ත්වය, ශක්තිය යනා­දිය ආහා­ර­ව­ලින් ලබා ගැනීම සිදු කරන අතර රෝග සුව­පත් කර ගැනීම සඳහා ආහාර නොව ඖෂධ භාවි­තය සිදු විය යුතු යැයි ද ඔහු පැව­සු­වේය.

පුද්ග­ල­යකු කිලෝ­ග්‍රෑම් 2.8ක් සති­ය­කට සහල් අනු­භව කරන අතර තිරිඟු පිටි කිලෝ 32ක් ද පාන් 12ක් ද සීනි කිලෝ 24ක් ද අනු­භව කරන බවත් එම­ඟින් කාබෝ­හ­යි­ඩ්‍රේට් ශරී­ර­යට ලැබෙන ප්‍රමා­ණය ඉහළ යන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ආහාර විවි­ධාං­ගී­ක­ර­ණය විය යුතු බවත් එසේ නොවන්නේ නම් පෝෂණ ඌන­තා­වන් ඇති වීම සිදු වන බවත් ඒ මහතා කීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT