Local

ණය නියාමන අධිකාරි පනත යළි සැකසීමට කමිටුවක්

Tuesday, 30 July 2024 - 2:18 pm

පසුගියදා ආන්දෝලනයකට තුඩු දුන් ණය නියාමන අධිකාරි පනත එහි බලපෑමට ලක්වන සියළු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගෙන නැවත සැකසීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට මුදල් හා ආර්ථික ස්ථායීකරණ අමාත්‍යංශය විසින් පියවර ගෙන ඇත.

ඒ සඳහා හේතුවී ඇත්තේ මුදල් හා ආර්ථික ස්ථායිකරණ අමාත්‍යාංශය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත සිවිල් සංවිධානවල සහ එම කෙටුම්පතින් බලපෑමට ලක්වන අනෙකුත් පාර්ශ්ව වල මහත් විරෝධයකට ලක්වීම නිසා ඇතිවූ තත්ත්වයයි.

පාර්ශව ගණනාවක් මෙම කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන ලද අතර එහිදී පෙත්සම් විභාග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ එම පනතේ වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එම පනත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බවත්ය.

ඒ අනුව එම පනත් කෙටුම්පත ඉවත් කරගැනීමට රජය තීරණය කල අතර, ඉන් අනතුරුව එම කෙටුම්පත සමාලෝචනය කර සංශෝධනය කිරීම සඳහා සියලු පාර්ශ්වයන් නියෝජනය ක‍රන කමිටුවක් පත් කිරීමට තීරණය කෙරිණි.

සංජීව විමලගුණරත්න ප්‍රධානීත්වය දරන එම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වන්නේ මහ බැංකුවේ නියෝජිතයින් දෙදෙනෙක්, මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් දෙදෙනෙක්, ක්ෂුද්‍ර මූල්‍ය නියෝජිතායතන සංගමය නියෝජනය කරමින් එක් නියෝජිතයෙක්, ප්‍රජා ණය කටයුතුවල නියැලෙන ප්‍රජා සංවිධාන නියෝජනය කරමින් එක් නියෝජිතයෙක් සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා වින්දිතභාවයට ලක්වූවන් නියෝජනය කරමින් එක් නියෝජිතයකු වශයෙන් සාමාජිකයින් 08 දෙනෙකි.

සංජීව විමලගුණරත්න ඊයේ දින මාලඹේ ප්‍රජා අධ්‍යයන කේන්ද්‍රයට ගොස් ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූල සංවිධාන හා ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා වින්දිතභාවයට පත්වූවන්ගේ නියෝජිත කණ්ඩායම් හමුවූ අතර එහිදී ඔවුන්ගේ නියෝජිත කණ්ඩායම් හඳුනාගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමය වැලිගෙපොල එම් රේණුකා භද්‍රකාන්ති, ක්ෂුද්‍ර මූල්‍ය නිසා විපතට පත් වුවන්ගේ සංවිධානය -පොලොන්නරුව කේ. සුනෙත් අරුණ කුමාර හා ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය මොණරාගල අමාලි වෙදගෙදර ඇතුලු නියෝජිතයන් ඔවුන් විසින් මෙම කමිටුවට නම් කර ඇත.

මෙම සියළු පාර්ශවයන්ගෙන් අදහස් ලබාගෙන පනත් කෙටුම්පත කඩිනමින් සමාලෝචනය කර සංශෝධිත කෙටුම්පත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT