Local

ඇල්පිටියට මාලිමා සභාපති නම් කරයි.. ඔහු පාර්ලිමේන්තුවටද තරග වදී..

Monday, 28 October 2024 - 11:49 am

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස නිශාන්ත පෙරේරා මහතා පත් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.

මේ බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ධීවර සම්මේලනයේ සභාපති රත්න ගමගේ මහතා අද (27) ප්‍රකාශ කළේය.

නිශාන්ත පෙරේරා මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්ව තිබූ අතර ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ කොට්ඨාශ 17 න් 15 ක ජය ජාතික ජන බලවේගයට හිමි විය. ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ බහුතර බලය නිශාන්ත පෙරේරා මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට හිමි විය.

නිශාන්ත පෙරේරා මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ඒ මහතා 2004 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කොට දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරි පත්විය.

නිශාන්ත පෙරේරා මහතා ලබන නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදීද ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටී.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT