Local

හසලක හදිසි වැටලීමකින් රක්ෂිත වනයක තිබී ගෝඩා හා කසිප්පු බැරල් 14ක් සොයා ගෙන

Tuesday, 13 February 2024 - 8:02 am

හසලක ලුණුමඩලාකැටිය ග්‍රාමයේ සිට කිලෝමීටර් 08ක් පමණ ඉහළ කඳුකර රක්ෂිත මහ වනයේ වන අලි නිතර ගැවසෙන ප්‍රදේශයේ හදිසි වැටලීමක් කළ හසලක පොලිසියට නීති විරෝධී ලෙස සකස් කර තිබූ බැරල් 14ක ගෝඩා මිලිලීටර් ලක්ෂ 20ක ප්‍රමාණයක් සහ කසිප්පු මිලිලීටර් 2055ක් සොයා ගැනීමට හැකිවී තිබේ.

මෙම වැටලීම ඉකුත් 09 වැනි දින රාත්‍රි කාලයේ දී සිදු කර තිබේ. පොලිසිය එහි යන විට සැකකරුවන් පලා ගොස් සිටි අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරනු ලබයි.

පොලිසිය මෙයට පෙර කිහිප අවස්ථාවකදීම මෙම වනාන්තරයේ වැටලීම් සිදුකර සැකකරුවන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබා දුන්නත් එම ජාවාරම්කරුවන් උපක්‍රමශීලීව ස්ථාන වෙනස් කරමින් මෙම ජාවාරම කර ගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඔත්තුකරුවන් කිහිපදෙනකු ලබා දුන් තොරතුරු අනුව යුක්තිය මෙහෙයුමට සමගාමීව හසලක පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්. ඩී. කේ. ආර්. ඉද්දගොඩ මහතා සමඟ උප පොලිස් පරීක්ෂකවරුන් වන දිසානායක හා ප්‍රියන්ත, සැරයන්වරුන් වන කරුණාතිලක (7698), සමරකෝන් (56385), රත්නායක (6727), බස්නායක (74244) කොස්තාපල් පේ‍්‍රමකුමාර (95840) රියැදුරු අසංක (89729) හා රියැදුරු රත්නපාල (15633) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කරනු ලැබූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT