Local

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳව සමාජය තුළ සංකල්පමය වෙනසක් සිදුකරනවා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්

Tuesday, 09 April 2024 - 10:19 pm

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පැවසීය.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

මෙම වසරේ අවසන් කාර්තුවෙන් පසු මෙරට ආර්ථික සංකෝචනය අඩු වී 2024 වසරේදී ධන ආර්ථිකයකට යොමු වීමේ හැකියාවක් අපට ලැබී තිබෙනවා. පාරිභෝගිකයාට දරා ගත නොහැකිවූ ජීවන වියදමට විසඳුම් ලබා දීම අපේ ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණක් වුණා. නමුත් ඉකුත් වසරට සාපේක්ෂ්ව ජනතාව මෙවර සුපුරුදු පරිදි අලුත් අවුරුදු සැමරීම වෙනුවෙන් තම දෛනික කටයුතුවල නිරත වෙමින් සිටිනවා.

එමෙන්ම මෙම වසරේ අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එහිදි විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම” යන විශේෂාංග මේ වන විට සමාජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය අප අමාත්‍යාංශය විසින් ද පිළිගෙන තිබෙනවා. ඒ වෙනුවට “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම් යොදන ලෙස සංවිධායකයින් දැනුවත් කර තිබෙනවා. එමඟින් අප බලාපොරොත්තු වන්නේ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීමයි. ඒ වගේම සියලුම අවුරුදු උත්සව සඳහා ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ද අප විසින් සංවිධානය කර තිබෙනවා.

මෙරට සංචාරක කර්මාන්තය පසුගිය සමයේ කඩා වැටීමට ලක්ව තිබුණා. නමුත් ජනාධිපතිතුමාගේ නව වැඩපිළිවෙලට අනුව මෙම වසරේ අද දක්වා කාලය තුළ සංචාරකයින් 635,784 ක් දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1025ක් උපයා තිබෙනවා.

සියළුම අමාත්‍යංශ විසින් සමාජය සවිබල ගැන්වීමේ වැඩසටහන් දියත් කර තිබෙනවා. එමඟින් පවුල් 10,000ක් සඳහා ගම් කුකුළු නිෂ්පාදන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එම වැඩසටහන මැයි මාසයේ ආරම්භ කිරීමට ආදාළ සියළු කටයුතු සූදානම් බව ද පැවසිය යුතුයි. ඒ සඳහා ණය සහ ආධාර ලබා දීමට ද නියමිතයි. තේ වගාව වෙනුවෙන් පවුල් 14,000ක් සඳහා තේ පැල ලබාදීමට ද අප කටයුතු යොදා තිබෙනවා.

ඒ වගේම අස්වැසුමලාභීන් වෙනුවෙන් තේ පැල නොමිලේ ලබාදීමට කටයුතු කරනවා. 36%ක්ව පැවති පොලී අනුපාතය අඩුකරමින් 12%ක් වශයෙන් සහන ණය ලබාදීමට කටයුතු කරනවා. එමෙන්ම කාන්තා “ලිය සවිය” වැඩසටහනට සමගාමීව 12% පොලී අනුපාතය යටතේ ඕනෑම නිෂ්පාදනයක් වෙනුවෙන් සහන ණය ලබාදීම, මැයි මාසයේ සිට ආරම්භ කරනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT