පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මේවන විට පැමිණිලි 206ක් වාර්තා වී ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය.
එම සියලු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බව පැවසීය.
පසුගිය සැප්තැම්බර් 26 වැනිදා සිට පසුගිය 15 වැනිදා දක්වා එම පැමිණිලි ලැබි තිබේ.
මේවන විට එම පැමිණිලි වලින් 130 විසඳා තිබේ.
තවත් පැමිණිලි 76ක් විසදමින් ඇතිබව වැඩිදුරටත් පැවසීය.