Local

හඳපාන්විල අලි හත් දෙනා මිය යෑමට හේතුව කසිප්පු ජාවාරමුන් – පෙරන්න බාධා නිසා අලි රංචුව විල්ලුවට පන්නලා

Monday, 03 June 2024 - 7:26 am

හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළට වැටී පසුගිය දිනක අලි පැටවුන් පස්දෙනෙකු ඇතුළු වන අලි හත්දෙනකු අකාලයේ මියයෑමට ප්‍රධාන හේතුව හඳපාන්විල රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනකරුවන්ගේ ප්‍රතිඵලයක් බව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යාන සුරැකීමේ සංගමයේ සභාපති ටී. තීපන් මහතා සඳහන් කළේය.

එම වනඅලි රංචුව තම නීති විරෝධි අරක්කු නිෂ්පාදනයට බාධාවක් හා ආරක්ෂාවට තර්ජනයක් බැවින් එම අලි රංචුව ඕඩේ ඇළට පන්නා ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බව තීපන් මහතා වැඩිදුරටත් කීවේය.

පසුගිය 27 වෙනිදා අවුරුදු 01,08,09.10 හා 15 ,25 යන වයසේ පසුවන වන අලි හත් දෙනෙකු හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළට වැටී මිය ගිය අතර වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඇළේ එරී ජලය පෙවීමෙන් එම අලි හත්දෙනා මියගොස් ඇති බවයි.

අලි හත්දෙනාම මිය යෑමට එලෙස හේතු වුවද එම ඕඩේ ඇළට අලි රංචුව වැටීමට හේතු වී ඇත්තේ හඳපාන්විල විල්ලුවේ මහා පරිමාණයෙන් අරක්කු නිෂ්පාදනය කරන නිෂ්පාදකවරුවන්ට මෙම වනඅලි රංචුව ආරක්ෂාවට තර්ජනයක් වන බවත්, බැරල් සහ අනිකුත් දඟරවලට හානි සිදුවන බැවින්ද එම නිෂ්පාදකවරුන් මෙම වනඅලි රංචුව ඔවුන් විසින් නිෂ්පාදනය කරගත් ගිනි අවිවලින් අහසට වෙඩි තබා ඇළට පන්නා දැමීමෙන් සිදු වූ ක්‍රියාවක ප්‍රතිඵලයක් හා අපරාධයක් බවට මේ වන විට තොරතුරු හෙළිදරව් වී තිබෙන බවද තීපන් මහතා පෙන්වා දුන්නේය.

හඳපාන්විල විල්ලුව ඇතුළු සොරිවිල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් අරක්කු නිෂ්පාදනය කරන අතර ඔවුන් විවිධ අවස්ථාවලදී වනඅලින්ට මෙන්ම වන සතුන්ට හානිගෙන දෙන අයුරින් මෙම නිෂ්පාදනයන් සිදුකරන බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඒ පිළිබඳ අදාළ බලධාරීන් දැනුම්වත් කර තිබෙන බව ද තීපන් මහතා කීවේය.

සිරිපුර මදුශානි අබේසිංහ


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT