Local

නවගමුවේ වෙඩි පත්තු වෙයි – අයෙක් මරුට

Thursday, 11 January 2024 - 11:46 am

නවගමුව තුන්අඳහේන ප්‍රදේශයේ ඊයේ(10)රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

කඩුවෙල කොරතොට ප්‍රදේශයේ නිවසකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පවසමින් සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කෙරෙන යතුරුපැදි හිස් ආවරණ පැලඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම නිවසේ සිටි පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඊයේ රාත්‍රි හිසට වෙඩි තබා ඇතැයි පොලීසිය පැවසීය.

මෙම පුද්ගලයාව නිවසින් රැගෙන යන විට නිවසියන්ට ඇති වූ සැකය හේතුවෙන් නිවැසියන් යතුරු පැදිය පිටුපස ලුහුබැද ගොස් ඇත.

එහි දී පැහැරගෙන ගොස් තිබූ පුද්ගලයා කොරතොට, වැලිහිංතුඩුව, මහවෙල බෝක්කුව ආසන්නයේ හිසෙහි බරපතල තුවාල සහිතව වැටී සිටියදී සොයාගෙන නිවැසියන් විසින් ඔහුව අතුරුගිරිය රෝහලට ඇතුලත් කර තිබේ.

පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ, කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බුද්ධික ප්‍රසාද් නමැති එක්දරු පියෙකි.

මෙම ඝාතවයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවවට ගැනීම සදහා
නවගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT