Local

වියදම් වාර්තා නොදුන් ජනපති අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය පියවර

Monday, 14 October 2024 - 9:23 am

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට සිය වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ අද (13) පස්වරුව වන විට එම අපේක්ෂකයින් අදාළ වාර්තා භාරදී තිබූ බවය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබාදීමට ඇති කාලය අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ.

එම කාලය තුළ අදාළ වාර්තා ලබා නොදෙන අපේක්ෂයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව අද පස්වරුව වන විටත් අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ සිය වියදම් වාර්තා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිටි බව වාර්තා විය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 24ක් ද සිය වියදම් වාර්තා ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (14) දිනයේ සිදුකිරීමට නියමිතව ඇත.

හෙට දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන ඡන්දදායකයින් සඳහා ලබන 18 වන දින ඒ සඳහා අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝබර් 26 වනදා පැවැත්වීමට නියමිතය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT