Local

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ තවත් සැකකරුවන් 02ක් අත්අඩංගුවට

Friday, 26 January 2024 - 7:15 pm

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේය.

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු බෙලිඅත්ත ප්‍ර දේශයේ දී ඝාතනයට ලක්වූයේ පසුගිය 22වැනිදා ය.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා පුළුල් විමර්ශන සිදු කෙරේ.

ඒ අනුව ඝාතනයේ සැලසුම්කරු සහ අදාළ ජීප්රථය පැදවූ සැකකරු පසුගියදා අත්අඩංගුවට ගැනුණි.

තවදුරටත් සිදුකළ පුළුල් විමර්ශනවලට අනුව ඊයේ(25) රාත්‍රියේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකට අනුවය.

ගාල්ල වංචාවල ප්‍රදේශයේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අත්තේ හෙරායින් මත්ද්‍රව්‍ය ද සමඟය.

මෙම සැකකරුවන් ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් සහ 35ක් වන පුද්ගලයින් දෙදෙනෙකි.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT