Local

මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට පෙති විකිණූ පේරාදෙණි දොස්තර රිමාන්ඩ්

Thursday, 15 February 2024 - 7:42 am

මත්කුඩුලෝලීන් සහ පාසල් සිසුන් මත් වීමට මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන වේදනා නාශක ඖෂධ පෙති වර්ගයක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් ඇත්ගාල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (13) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. කුඩු ලෝලියකුගෙන් හෙළි වූ තොරතුරක් මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස වෙස් ගැන්වූ පොලිස් නිලධාරියකු විසින් මෙම වෛද්‍යවරයාට කරන ලද ඇණවුමකට අනුව වර්ග දෙකකට අයත් වේදනා නාශක පෙති වර්ග 1,600ක් රුපියල් 160,000කට අලෙවි කිරීමට රැගෙන ආ අවස්ථාවේදී නාවලපිටිය පාරේ ආයතනයක් ඉදිරිපිටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. සිය සුඛෝපභෝගි මෝටර් රථයේ දමාගෙන ඔහු මෙම වේදනා නාශක ඖෂධ වර්ගය රැගෙනවිත් තිබේ. ගෙලිඔය කරමඩ පදිංචිකරුවකු වන 49 හැවිරිදි මෙම වෛද්‍යවරයා දරුවන් තිදෙනකුගේ පියෙකි. මෙම වෛද්‍යවරයා ගෙලිඔය ප්‍රදේශයේ සුවිසල් නිවෙසක් ද ඉදිකර සුඛෝපභෝගි වාහන කිහිපයක් ද පරිහරණය කරමින් සැපවත් ජීවිතයක් ගත කරන අයකු බව විමර්ශනයේදී හෙළිව තිබේ. පොලිසිය පැවසුවේ, අදාළ වෛද්‍යවරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන යන්නකු බවයි.

මෙම ඖෂධ පෙති වර්ගය වෛද්‍ය නිර්දේශ නැතිව ඔසුහල්වලින්ද නිකුත් නොකරන බව විමර්ශනයේදී පොලිසියට පෙනී ගොස් ඇත. මෙම වෛද්‍යවරයා අදාළ ඖෂධ තොග වශයෙන් ඔසුසල් හෝ ඖෂධ සැපයුම්කරුවන්ගෙන් මිල දී ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බෙදා දෙන බවට සැකයක් මතුව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස තමන් ඇත්ගාල පොලිසියට දැනුම් දුන් බව මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන තිබෙන එක් වේදනා නාශක පෙති වර්ගයක් භාවිත කරන්නේ පිළිකා වැනි රෝග තත්ත්වයන් හේතුවෙන් හටගන්නා අධික වේදනාව පාලනය කිරීමට බවත්, එම ඖෂධ රාජ්‍ය ඔසුසලේ හැර වෙනත් ඖෂධ අලෙවි ස්ථානවල අලෙවි කිරීමට පවා නොහැකි ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය, පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පැවසීය.

 


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT