ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වුවද ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් සිටින්නේ ජනාධිපති අපෙක්ෂක නාමල් රාජපක්ෂ මහතා සමග බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි.රත්නායක මහතා පැවසිය.
සි.බි.රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ ඔහුගේ නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි නිවසේදි මාධ්‍ය හමුවක් පවත්වමිණි.
මෙහිදි අදහස් දැක් වු සි.බි.රත්නායක මහතා කියා සිටියේ පසුගිය කාලය තුල රටේ සිඝ්‍ර සංවර්ධනයක් සිදු කල පක්ෂය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ බවයි.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජනය කල සභිකයින් කිහිපදෙනෙකු ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විමට එක් වුවද පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුවහොත් ඔවුන් කිසිවෙකුට පාක්ෂිකයන් ජන්දය ලබා නොදෙන බවයි සි.බි.රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.