Local

හදවතේ ගායකයා නිවෙස බලා යයි

Saturday, 27 January 2024 - 9:14 pm

හදවතේ ගායකයා ලෙස ජනාදරයට පාත්‍ර වූ ගායන ශිල්පී චාමර වීරසිංහ සුවය ලබා කළුබෝවිල රෝහලේ සිට අද (27) සිය නිවස බලා පිටත්ව ගියේය.

දින 40කට ආසන්න කාලයක් ඔහු කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

චාමර වීරසිංහ කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණේ ස්වසන අපහසුතාවක් හේතුවෙනි.

එහිදී ඔහු උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට ලක් කෙරුණු බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.

දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ චාමර වීරසිංහ මීට සති කිහිපයකට පෙර සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට හැකියාව තිබුණද තවදුරටත් දැඩිසත්කාර ඒකකයේම තබා ගනිමින් ඔහුට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළේය.

ඒ, යම් හෙයකින් ඔහුගේ සුව දුක් විමසීමට රෝහලට පිරිස් පැමිණියහොත් චාමරට අවශ්‍ය විවේකය නොලැබෙණු ඇති බවට විශ්වාසය පළ කරමිනි.

එසේම චාමර වීරසිංහ රෝහල්ගත කළ මොහොතේ සිටම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ආගමික වතාවත්වල නිරත වෙමින් ඔහුට සුවය ප්‍රාර්ථනා කිරීම් ද සිදු කළේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT