Local

නත්තල හා පෝය වෙනුවෙන් 25 හා 26 සුරාසැල් වැසේ

Saturday, 23 December 2023 - 7:40 pm

ලබන 25 සහ 26 යන දින දෙකේදී දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

ඒ එම දිනවලට යෙදෙන නත්තල් දිනය හා උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය හේතු‍වෙනි.

නත්තල් දිනය වෙනුවෙන් එළඹෙන 25 වැනිදා සුරාසැල් වැසෙන නමුත්, මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තරු පන්තියට අයත් හෝටල සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත්වෙන බවද ඔහු පවසනවා.

කෙසේ වෙතත් 26 වැනිදාට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියලුම ආයතන සම්බන්ධයෙන් ද අදාළ නියෝගය එක ලෙස බල පැවැත්වෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT